බීමතින් රිය ධාවනය කර රථ වාහන දෙකක් අනතුරට ලක් කලේ යැයි ලබන 01 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කල හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන රවී සෙනෙවිරත්න මහතාට ඇප ඉල්ලා මෝසමක් මඟින් ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීම ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් සංජය එල්.එම්.විජේසිංහ මහතා විසින් අද (30) ප්‍රතික්ෂේප කරන ලදී.
ඊයේ (29) අළුයම 1.20ට පමණ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් බම්බලපිටිය දෙස සිට දෙහිවල දෙසට ධාවනය කරවූ කාර් රථය වැල්ලවත්ත මුහුදු මාවතේ මිරාජ් හෝටලය ඉදිරිපිට නවතා තිබූ වැගන්ආර් කාර් රථයක සහා නවතා තිබූ බස් රථයක ඝට්ටනය කර අලාභහානි සිදු කිරීම සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
පොලිසිය විසින් සිදු කරන ලද බීමත් ශ්වසන පරීක්ෂණ පරික්ෂාවේ දී හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා බීමත්ව සිට ඇති බවට තහවුරු වී තිබුණි.
සබැඳි පුවත් :
රවී සෙනවිරත්න රිමාන්ඩ් (Update)