එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් සහ ගෝලීය හරිත වර්ධන ආයතනය හෙවත් GGGI ආයතනයේ සභාපති බෑන් කී මූන් මහතා පෙබරවාරි 06 වැනිදා මෙරටට පැමිණීමට නියමිත බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා කියයි.
මූන් මහතා මෙරටට පැමිණෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයකට අනුව බවද ඔහු මෙරට තිරසර සංවර්ධනයට අදාළව මෙන්ම දේශගුණික විපර්යාසවලට අදාළව ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට නියමිත බවද පැවසේ.
මෙරට ස්ථාපිත කිරීමට යෝජිත දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
මෙරටට පැමිණෙන බෑන් කී මූන් මහතා පෙබරවාරි මස 07 වැනිදා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා කිරීමට නියමිතය.