දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට අනුබද්ධිත විහාරස්ථානයක, විහාරාධිපති ස්වාමීන් වහන්සේ නමකට, පහරදී මරණ තර්ජන කර වසරකට ආසන්න කාලයක් වරින් වර රුපියල් 345,000ක මුදලක් බලහත්කාරයෙන් කප්පම් ලබාගත් කියන සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ටාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා දෙහිඅත්තකන්ඩිය ප්‍රදේශයේ පදිංචි, වයස අවුරුදු 23 හා 29 යන වයසේ පසුවන්නන් බව කොට්ටාශ අපරාධ විමර්ශන අංශය පවසයි.
සැකකරුවන් දෙදෙනා සතුව තිබූ යතුරුපැදියක්, කප්පම් බලෙන් ගැනීමට භාවිතා කළ ජංගම සිම් කාඩ් පතක්, මුදල් ගෙන්වා ගැනීමට භාවිතා කරන ලද බැංකු ගිණුම් පොත, මෙහිදී අත්අඩංගුවට ගත් බවද විමර්ශන අංශය සඳහන් කරයි.
දුරකථන අංකයක් භාවිතා කරමින් ෆේස්බුක් හරහා මිතුරු තවත් මිතුරකු 2013 වසරේදි, අදාළ විහාරස්ථානයට පැමිණ විහාරාධිපති ස්වාමීන් වහන්සේට පහරදී, මරණ තර්ජනය කර, උන්වහන්සේ නිරුවත් කර ඡායාරූප හා දර්ශන ලබාගෙන ඒවා ප්‍රදර්ශනය කරන බවට පවසමින්, වරින් වර රුපියල් තුන් ලක්ෂ හතළිස් තුන්දාහක මුදලක් මෙලෙස, සැකකරුවන් දෙදෙනා බලහත්කාරයෙන් ලබාගෙන ඇති බවද මූලික තොරතුරුවලින් අනාවරණය වී ඇති බවද වාර්තා වේ.