පුවත්

හිරුණිකාගේ ඇප ඉල්ලීමට නීතිපතිගේ විරෝධතා භාර දෙයි

Published

on

හිටපු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇප මත මුදා හරින ලෙස කර ඇති ඉල්ලීමට නීතිපතිවරයා අද (11) කොළඹ මහාධිකරණය හමුවේ සිය ලිඛිත විරෝධතා භාරදුන්නේය.

ඒ, මෙම ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඉදිරියේ අද කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

ඉන් අනතුරුව හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ඇප ඉල්ලීම පිළිබඳ විභාගය මේ මස 15 වනදා සිදුකරන බව විනිසුරුවරයා නියෝග කලේය.

2015 වසරේ දෙසැම්බර් මස 21 වන දා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයකු කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීමේ චෝදනා 18 කට වරදකරු කෙරුණු හිරුණිකා ප්‍රේමචන්ද්‍රට මහත්මියට ඉකුත්දා කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් සහ දඩ මුදල් නියම කෙරුණි.

එම දඬුවමට එරෙහිව තමා අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා එම අභියාචනය විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තුරු තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ඇය මෙම ඇප ඉල්ලීම ඉදිරිපත් කලේය.

Trending

Exit mobile version