අධිකරණයට අපහාස කළේ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල ජූනි මස 14 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය විසින් නියම කරන ලදී.
මෙම නඩුකරයට අදාළ විරෝධතා තිබේ නම් ඒවා සති දෙකක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් අධිකරණය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ නීතිඥවරුන්ට නියම කළේය.
ඌව පළාත් ආණ්ඩුකාර මොහොමඩ් මුසම්මිල් මහතාගේ පුත්‍රයා විසින් ඉදිරිපත් කරනු ලැබූ පැමිණිල්ලකට අනුව මෙම නඩු විභාගය පැවැත්වේ.