පුවත්

හිරුණිකාට බරපතළ වැඩ සහිත සිරදඬුවම්

Published

on

2015 වසරේ දී තරුණයෙකු පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වීමෙන් අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට වසර තුනක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කර තිබේ.

ඒ අදාළ නඩුව සම්බන්ධයෙන් වූ චෝදනා 18කට අදාළව කොළඹ මහාධිකරණය විසින් ඇය වරදකරු කිරීමෙන් අනතුරුවයි.

2015 වසරේ දෙසැම්බර් මස දෙමටගොඩ ප්‍රදේශයේ දී සිය ඩිෆෙන්ඩර් රථය යොදා ගනිමින් තරුණයෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙනුයි හිරුණිකා ප්‍රේමචන්ද්‍රට මෙලෙස චෝදනා එල්ල වී ඇත.

කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා විසින් තීන්දුව ප්‍රකාශයට පත් කර තිබුණි.

Trending

Exit mobile version