හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, කාන්තා අයිතීන් වෙනුවෙන් පැවැති විරෝධතාවක් අතරදී කාන්තාවක අත්අඩංගුවට ගත්තේ යැයි පවසමින් කුරුඳවත්ත පොලිසිය ඉදිරිපිට විරෝධතාවක නිතර වූ අවස්ථාවකදීය.
කාන්තා අයිතීන් වෙනුවෙන් සංවිධානය විරෝධතාව එක්සත් ජාතින්ගේ කාර්යාලය ගොස් එතැනින් මල්පාර දෙසට ගමන් කර ඇති අතර එහිදී එක් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබුණු අතර, ඊට විරෝධය පා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිස කුරුඳුවත්ත පොලිසිය ඉදිරිපිට විරෝධතාවක නිතර වූහ. එහිදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගෙන ඇත.