පුවත්

“හිරු සඳු සහ සත්‍ය සැඟවිය නොහැක” බැසිල්ගේ වැඩක්

Published

on

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) “හිරු සඳු සහ සත්‍ය සැඟවිය නොහැක” යනුවෙන් අලුත් වැඩසටහනක් රට පුරා ආරම්භ කිරීම‍ට සැලැසුම් කර ඇතැයි වාර්තා වේ.

මෙහිදී පොහොට්ටුව සම්බන්ධයෙන් පැතිර ගිය කතාවන උගන්ඩා සල්ලි, ඩුබායි හෝටල්, ලැම්බෝගිනි කාර් ආදී කාරණා සම්බන්ධයෙන් පිළිතුරු බැඳීමට පිරිසක් පත් කිරීම මූලික සැලැසුම වේ.

පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා විසින් මෙම වැඩසටහන සංවිධානය කර ඇති බවද පැවසේ.

මෙහි පළමු අදියරේදී වැඩසටහන සඳහා තුන්සිය දෙනකු තෝරාගෙන ඇතැයි ද වාර්තා වේ.

ඔවුන් වෙත පුහුණු වැඩමුළුවක් පක්ෂය විසින් පැවැත්වීමට කටයුතු කරමින් සිටින බවද පැවසේ.

Trending

Exit mobile version