පුවත්

හිරේදී ගෙල වැළලාගෙන 2ක් මැරිලා

Published

on

ත්‍රිකුණාමලය පොලීසියේ සිර මැදිරිය තුළ පුද්ගලයෙකු ගෙල වැළලාගෙන මියගොස් ඇත.

මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ මුදල් සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු බව පොලීසිය පවසයි.

සිය දිවි හානි කරගත් පුද්ගලයා 26 හැවිරිදි මුරුගාපූරි, ජමාලියා ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන ත්‍රිකුණාමලය පොලීසිය විසින් සිදුකරයි.

මේ අතර පල්ලෙකැලේ එළිමහන් සිර කඳවුරේ රඳවා සිටි රැඳවියෙකු ද ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ.

එම රැඳවියා රඳවා සිටි බන්ධනාගාර කුටියේ ජනෙල් කූරක රෙදි පටියක් ගැටගසා මෙලෙස ගෙලවැළලා ගෙන ඇති බව පල්ලෙකැලේ පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ 34 හැවිරිදි මට්ටක්කුලිය, සමන්පුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සියදිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මේ සම්බන්ධව ඉදිරි විමර්ශන පල්ලේකැලේ පොලිසිය සිදුකරයි.

Trending

Exit mobile version