අපවත් වී වදාල හුණුපිටිය ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර හිමියන් ගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය ඇතිව අගෝස්තු 05 වැනිදා සිදුකිරීමට නියමිතය.
ආදාහන පූජෝත්සවය විහාරස්ථානයට යාබද ක්‍රීඩාංගණයේදී ආදාහන පූජෝත්සවය පැවැත්වෙන බව ආදාහන කාරක සභාව දැනුම් දී තිබේ.
‘පොඩි හාමුදුරුවෝ’ ලෙස ජනප්‍රිය පූජ්‍ය ඥාණිස්සර හිමියෝ අද (02) අපවත් වනවිට 81 වැනි වියේ පසු වූහ.
(පෙර පුවත 2024 අගෝස්තු 02, ප.ව. 1:48)
හුණුපිටිය ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර හිමි අපවත් වෙති
හුණුපිටිය ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර හිමි අපවත් වී තිබේ.
කලක් රෝගාතුරව සිටි උන්වහන්සේ අද (02) උදෑසන ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් මත කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබුණි.
දශක ගණනාවක් ශාසනික උන්නතියට සහ සමාජ මෙහෙවර වෙනුවෙන් දායක වූ උන්වහන්සේ අපවත් වන විට 81 වැනි වියෙහි පසුවී තිබේ.