පුවත්

හෙට කොළඹට පැය 15ක් වතුර නෑ

Published

on

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (07) පැය 15ක ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන්  මෙසේ ජල සැපයුම අත්හිටුවීමට තීරණය කළ බව එම මණ්ඩලය සඳහන් කර ඇත.

ඒ අනුව කොළඹ 11,12,13,14,15 යන ප්‍රදේශ වලට හෙට (07) පස්වරු 5.00 සිට අනිද්දා (08) පෙරවරු 8.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

Trending

Exit mobile version