පුවත්

හෙට කොළඹ ප්‍රදේශ රැසක පැය 10ක ජල කප්පාදුවක් 

Published

on

 

හෙට (25) කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 10 ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

ඒ ලංකා විදුලිබල මණ්ඩලයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් වෙනුවෙනි.
මේ අනුව හෙට කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශයට මහරගම, බොරලැස්ගමුව සහ කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය කොටිකාවත්ත සහ මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට රත්මලාන සහ කටුබැද්ද ප්‍රදේශවලට පෙ.ව. 11:00 – රාත්‍රී 09:00 දක්වා කාලය තුළ දී ජල කප්පාදුවක් සිදු කෙරේ.

Trending

Exit mobile version