පුවත්

හෙට දිස්ත්‍රික්ක 3ක සුනාමි පෙරහුරුවක්

Published

on

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් හෙට(04) දිනයේදී දිස්ත්‍රික්ක 03ක සුනාමි පෙරහුරුවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා අද(03) පාර්ලිමේන්තුවේ දී පවසා ඇත.

ලංකාවේ දකුණු හා නැගෙනහිර වෙරළ තීරය ආවරණය වන පරිදි ත්‍රිකුණාමලය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල එය පැවැත්වීමට නියමිතය.

මේ අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කර ඇති ජාතික මට්ටමේ සිට ගම් මට්ටම දක්වා වූ සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් දැනුම්දීමේ යාන්ත්‍රණ ඇගයීමේ අරමුණ මෙහි ප්‍රධාන බව නියෝජ්‍ය කථානායකවරයා තවදුරටත් පවසා ඇත.

Trending

Exit mobile version