Connect with us

පුවත්

හෙට ප්‍රදේශ කිහිපයකට පැය 21ක ජල කප්පාදුවක්

Published

on

අනුරාධපුර නුවරවැව ජල පවිත්‍රාගාරය පිරිසිදු කිරීම හා අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (29) දින සිට එළැඹෙන 30 වැනිදා දක්වා පැය 21 ක ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය පැවසුවේ ඒ අනුව හෙට පස්වරු 09.00 සිට එළැඹෙන බ්‍රහස්පතින්දා පස්වරු 06.00 දක්වා මෙලෙස ජල කප්පාදුව සිදුවනු ඇති බවය.

එම ජල කප්පාදුව සිදුවන ප්‍රදේශ පහතින්,

අනුරාධපුර උතුර ජල සම්පාදන ක්‍රමය – කලෑත්තෑව, නෙළුම්කන්නිය, තරියන්කුලම, ගල්කුලම, කවරක්කුලම, වන්නම්මඩුව, කුංචිකුලම, කුරුන්දන්කුලම, මාතලේ හන්දිය, සාලිය මාවත, තන්නායන් කුලම, යාපනය හන්දිය, බන්ඩාරපුලියන්කුලම, තෙප්පන්කුලම, ජයන්තිග්‍රාමය, සාලියපුර, මාන්කඩවල, ලිංගලපාර, කට්ටමාන්කුලම.

අනුරාධපුර නව නගර ජල සම්පාදන ක්‍රමය – අනුරාධපුර 01 වන පියවර

මිහින්තලේ ජල සම්පාදන ක්‍රමය – මිහින්තලේ ජල සම්පාදන ක්‍රමයේ කඳුවටාපාර, රුවන්ගම, වැල්ලමොරාන, තරියන්කුලම, පලුගස්වැව, සට්ටම්බිකුලම, අඹතලාගම, පොලිස් ගම්මානය, මහින්ද රාජපක්ෂ මාවත, කිරින්දේගම, කන්නට්ටිය, සහ කුරුන්දන්කුලම.

පුවත්

මැතිවරණ අපේක්ෂකයින් 08 දෙනෙක් අත්අඩංගුවට

Published

on

By

මෙවර පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ගතවූ පැය 24ක කාලය තුළ අපේක්ෂකයන් 8දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ඒ අනුව ඊයේ (04) උදෑසන 6 සිට අද (05) උදෑසන 6 දක්වා කාලය තුළ පක්ෂවල ආධාරකරුවන් ද 5දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වේ.

මේ අතර පසුගිය මාර්තු මස 3වනදා සිට අද දක්වා වූ කාලය පුරා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත අපේක්ෂකයන් ගණන 54ක් දක්වා ඉහළ ගොස් ඇත.

එමෙන්ම ආධාරකරුවන් ද 204දෙනෙක් අදාළ කාලය තුළ අත්අඩංගුවට පත්ව තිබේ

මේ අතර මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වාහන 46ක් පොලිස් භාරයට ගෙන ඇත.

Continue Reading

පුවත්

ජනපති වෙනුවෙන් මැදියම් රැයේ පැමිණි නීතීඥයින්

Published

on

By

ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂක තුසිත හල්ලොලුව මහතා විසින් ජනාධිපති අනුර දිසානායක මහතා ග්‍රීසියේ දැවැන්ත මුදල් ආයෝජනයක් කර ඇති බවට එල්ල කරනු ලැබූ සාවද්‍ය ප්‍රකාශය පිළිබඳ කඩිනමින් විමර්ශනයක් ඉල්ලා ඊයේ (04) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෙත පැමිණිල්ලක් ගොනු කරන ලදී.

එම නීතීඥවරුන් විසින් අදාල පැමිණිල්ල ඊයේ (04) මධ්‍යම රාත්‍රියේදී ඉදිරිපත් කරන ලදී.

මෙම පැමිණිල්ල නීතිඥ අකලංක උක්වත්ත මහතා විසින් ගොනු කරනු ලැබූ අතර ජනාධිපති නීතීඥ උූපුල් කුමරප්පෙරුම මහතා ද මෙම අවස්ථාව වෙනුවෙන් එක්ව සිටියේය.

Continue Reading

පුවත්

පුංචි ඡන්දයට ඡන්ද මධ්‍යස්ථාන සකස්කිරීම ඇරඹෙයි

Published

on

By

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඡන්ද මධ්‍යස්ථාන සකස් කිරීමේ කටයුතු අද (05) පෙරවරුවේ ආරම්භ කරන බව මැතිවරණ කොමිසන් සභාව පවසයි.

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හෙට (06) පෙරවරු 7ට ආරම්භ වීමට නියමිත අතර දිවයින පුරා මධ්‍යස්ථාන 13,759ක දී ඡන්දය පස්වරු 04 දක්වා පැවැත්වීමට නියමිතය.

පළාත් පාලන ආයතන 339ක් සඳහා පැවැත්වෙන ඡන්ද විමසීමේ දී ඡන්දහිමියන් එක් කෝටි හැත්තෑ එක් ලක්ෂ 56,338 දෙනෙකු ඡන්දය භාවිත කිරීමට මෙවර සුදුසුකම් ලබා තිබේ.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 65,000කට අධික ප්‍රමාණයක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.

හෙට දිනයේ පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා 3,000කට ආසන්න නිලධාරීන් පිරිසක් යොදවා ඇති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් අද සහ හෙට යන දෙදින දිවයිනේ සියලුම පාසල්වලට නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මැයි මස 7 වෙනිදා පාසල් නැවත ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේය.

මීට අමතරව දිවයිනේ සියලුම විශ්වවිද්‍යාලවල සිසුන්ට අද සිට මැයි මස 7 වන දින දක්වා නිවාඩු ලබා දීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

කෙසේවෙතත් විශ්වවිද්‍යාල අධ්‍යන සහ අනධ්‍යන කාර්ය මණ්ඩලයට එම නිවාඩුව අදාළ නොවන බව එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් අද සහ හෙට යන දිනයන්හි බස්නාහිර පළාතේ අදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සියලූම කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසයි.

කිසියම් වාහනයකට අදාළව වාහන ආදායම් බලපත්‍රයේ වලංගු කාලය අදාළ දිනවල දී අවසන් වන්නේ නම් දඩ අයකිරීමකින් තොරව රාජකාරී ආරම්භ කරනු ලබන පළමු දිනයේදීම එම වාහන සඳහා බලපත්‍ර ගාස්තුව පමණක් ගෙවා ආදායම් බලපත්‍රය ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇති බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය සඳහන් කළේය.

මේ අතර නාරහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්‌යාලය ද අද සහ හෙට යන දෙදින වසා තැබීමට නියමිතව තිබේ.

ඒ කොළඹ 05, ඇල්විටිගල මාවත, මෝටර් රථ දෙපාතමේන්තුවේ ප්‍රධාන කාර්යාලය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදාගැනීම හේතුවෙනි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved