පුවත්

හෙට පාසල් පැවැත්වීම ගැන විශේෂ නිවේදනයක්

Published

on

හෙට (09) පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

හෙට දිනයේ සාමාන්‍ය පරිදි සියලුම රජයේ පාසල් පැවැත්වෙන බව එම නිවේදනයේ සඳහන්ය.

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති 200කට වැඩි ප්‍රමාණයක් අද (8දා) හා හෙට (09දා) දෙදින තුළ ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇත.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසන්නේ, ගුරුවරු සහ විදුහල්පතිවරුද හෙට දින අසනීප නිවාඩු වාර්තා කර මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සමඟ එක්වන බවය.

Trending

Exit mobile version