Connect with us

පුවත්

හෙද හෙදියන්ගේ වැටුප් වැඩිවෙන හැටි

Published

on

මෙවර අයවැයේදී රාජ්‍ය සේවකයන් වෙනුවෙන් සැලකිය යුතු ලෙස මූලික වැටුප් වැඩි කිරීමක් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ඔහු මේ බව අද පාර්ලිමේන්තුවේදී පැවසු අතර ඒ අනුව, හෙද සේවය සඳහා වැඩි වූ වැටුප් පිළිබඳව ඔහු පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.

”හෙද තුන්වැනි ශ්‍රේණියේ 8200 පමණ සේවය කරනවා. ඒ අයට මූලික වැටුප තිබුණේ රුපියල් 32,525ක් පමණයි. අපේ මූලික වැටුප් වැඩිවීම ඇතුළේ රුපියල් 54,920 දක්වා වැටුප් වැඩි කරලා තියෙනවා. ඒ අනුව, මූලික වැටුප විතරක් 22,395ක් වැඩිවෙලා. ඒ අයගේ OT එක පැයකට රුපියල් 215ක තිබුණ දීමනාව රුපියල් 290 දක්වා පැයකට රුපියල් 75කින් වැඩිවෙනවා. දෛනික දීමනාවවන රුපියල් 1,084 තිබුණ එක 1,831 දක්වා වැඩිවෙනවා. මම මේ කියන්නේ පළමු පත්වීම ලබලා අවුරුදු 05ක් වැඩ කරන අයටයි. ඒ අයට දළ වැටුප විදියට අප්‍රේල් මාසේ ඉඳලා 133,640ක් අවම වශයෙන් ලැබෙනවා.

දෙවන ශ්‍රේණියේ හෙද හෙදියන් 9,400ක් ඉන්නවා. පත්වීම ලැබිලා අවුරුදු 05කට පස්සේ දෙවන ශ්‍රේණියට ඇතුළත් වෙනවා. ඒ අයට මූලික වැටුප තිබුණේ රුපියල් 37,636යි. ඒක වැඩි කරලා තියෙනවා රුපියල් 64,500 දක්වා. ඒ කියන්නේ රුපියල් 26,864කින් මූලික වැටුප පමණක් වැඩිකරලා තියෙනවා. මෙතෙක් පැයකට රුපියල් 255ක තිබුණ OT එක රුපියල් 345 දක්වා රුපියල් 90කින් වැඩි කරනවා. දෛනික දීමනාවවන රුපියල් 1881ක දීමනාව රුපියල් 2150 දක්වා වැඩිකරනවා. එතකොට ඒ අයගේ දළ වැටුප විශාල ප්‍රමාණයක් වැඩිවෙනවා.

පළමු ශ්‍රේණියේ 16,000ක් සේවය කරනවා. සේවයට ඇතුළත් වෙලා අවුරුදු 12කට පස්සේ පළමු ශ්‍රේණියට ඇතුළත් වෙන්න පුළුවන්. ඒ අයගේ දැන් තියෙන මූලික වැටුප තමයි රුපියල් 44,965යි. මේ මූලික වැටුප රුපියල් 77,850 දක්වා වැඩිවෙනවා. ඒ 32,885ක් මූලික වැටුප වැඩිවෙනවා. දැන් OT පැයක් තියෙන්නේ රුපියල් 305යි ඒක රුපියල් 420 දක්වා වැඩිවෙනවා. OT පැයක් රුපියල් 115කින් වැඩිවෙනවා. රුපියල් 2248ක් තියෙන දෛනික දීමනාව රුපියල් 2595 දක්වා වැඩිවෙනවා.

අධි ශ්‍රේණියේ හෙද හෙදියන් 6,000ක් ඉන්නවා. මේ අයට සේවට බැඳිලා අවුරුදු 22ක් ගියාම තමයි උසස්වීම ලැබෙන්නේ. දැන් රුපියල් 53,035ක තියෙන මූලික වැටුප රුපියල් 92,460 වෙනකන් වැඩිවෙනවා. රුපියල් 350ට තියෙන OT පැය රුපියල් 500ක් වෙනවා. රුපියල් 2,651ක් තියෙන දෛනික දීමනාව රුපියල් 3,082 දක්වා වැඩිවෙනවා.

ඒ වගේම විශේෂ ශ්‍රේණියේ හෙද හෙදියන් 415ක් පමණ දැන් ලංකාවේ ඉන්නේ. සේවා කාලය අවුරුදු 27ක් වගේ වුණාම උසස්වීම ලැබෙනවා. දැන් ලැබෙන්නේ රුපියල් 54,235යි. මේ මූලික වැටුප රුපියල් 94,060 වෙනකන් වැඩිවෙනවා. ඒ අයට OT පැය රුපියල් 395 තියෙන මුදල රුපියල් 545 දක්වා වැඩිවෙනවා.දෛනික දීමනාව රුපියල් 2,711 රුපියල් 3,135 වෙනකන් වැඩිවෙනවා. ”

පුවත්

හෙට ඉහළ උණුසුම් තත්ත්වයක්

Published

on

By

හෙට (06) නැගෙනහිර, උතුරු, වයඹ සහ උතුරු-මැද පළාත් සහ මොනරාගල දිස්ත්‍රික්කයෙත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එබැවින් අදාල ප්‍රදේශවල ජනතාවට විමසිලිමත්වන ලෙස වැඩිදුරටත් දැනුම් දී තිබේ.

අදාළ නිවේදනය පහතින්,

Continue Reading

පුවත්

මීළඟ විදුලි ගාස්තු සංශෝධනය තෙක් IMF ණය වාරිකය නොලැබේ

Published

on

By

ජුනි මාසයේදී සිදුකෙරෙනු ඇතැයි අපේක්ෂිත මීළඟ විදුලි ගාස්තු සංශෝධනය වන තෙක් අයිඑම්එෆ් පස්වන ණය වාරිකය ශ්‍රී ලංකාව වෙත ලබාදීම ප්‍රමාද වනු ඇත.

මේ බව  ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉහළ පෙලේ ආරංචිමාර්ග “දිවයින”ට තහවුරු කළේය.

මෙයට හේතුව වී ඇත්තේ අයිඑම්එෆ් එක සමග එකඟ වී ඇති  පිරිවැය ආවරණය කෙරෙන මිල ක්‍රමය ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකාව පැත්තෙන් ප්‍රමාද වීමයි.

මෙය ශ්‍රී ලංකාව පැත්තේ ප්‍රමාදයක් මිස අයිඑම්එෆ් ප්‍රමාදයක් නොවන බව ද වැඩිදුරටත් වාර්තා වේ.

මූලාශ්‍රය  – දිවයින

සබැඳි පුවත්

Continue Reading

පුවත්

මර්වින් නැවතත් රිමාන්ඩ්

Published

on

By

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩම් වංචා කිරීමේ සිදුවීමකට අදාළව පැවැත්වෙන නඩුව විභාගයට ගත් අවස්ථාවේදීය.

මෙම නඩුව මහර මහෙස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අතර එහිදී දැනට අධිකරණය මගහරිමින් සිටින හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණවීර සහ මිල්රෝයි පෙරේරා අත්අඩංගුවට ගැනීමටද වරෙන්තු නිකුත් කර තිබේ.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved