පුවත්

හෙරොයින් කිලෝ 300ක් හම්බන්තොට මුහුදේදී අල්ලයි

Published

on

හම්බන්තොටට ආසන්නෙන් වූ මුහුදේදී හෙරොයින් කිලෝග්‍රෑම් 300ක් සමග සැකකරුවන් 10දෙනෙකු අත්අඩංගුවට ගත බව නාවික හමුදාව පවසයි.

ඒ නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදුකළ මෙහෙයුමක දී එම හෙරොයින් තොගය අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සැකකරුවන් සන්තකයේ තිබූ ධීවර යාත්‍රා දෙකක් සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Trending

Exit mobile version