පුවත්

හේම ජයවර්ධනගේ අවසන් කටයුතු අද

Published

on

අභාවප්‍රාප්ත්‍ කළුතර දිස්ත්‍රික් හිටපු සංවර්ධන සභා මන්ත්‍රි සහ අගලවත්ත හිටපු ගම්සභා සභාපති, සාම විනිසුරු හේම ජයවර්ධන මහතාගේ අවසන් කටයුතු අගලවත්ත, පැලවත්ත පවුලේ සුසාන භුමියේදී අද (08) සවස 2.00ට සිදු කෙරේ.

මිය යන විට 93 වියේ පසු වූ ඔහු විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන, නාමල් ජයවර්ධන, දේවිකා ජයවර්ධන, නීතිඥ රවි ජයවර්ධන සහ ආශා ජයවර්ධන යන අයගේ පියාණන් වේ.

ලංකා සමසමාජ පක්ෂයේ 70 සහ 80 දශකයේ අගලවත්ත ගම්සභාවේ සභාපතිවරයා වූයේද ඔහුය.

ජේ.ආර්. ජයවර්ධන පාලන කාලයේ දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණයකට සුදානම් වීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු වාමාංශික පක්ෂ එයට විරුද්ධ වුවත්, හේම ජයවර්ධන ඇතුළු කණ්ඩායමක් ස්වාධීනව කළුතර දිස්ත්‍රික්කයට තරග වදින්නේ තරගය අත් නොහැරීමේ අරමුණින්ය.

ඔහුද ඇතුළුව ඒ කණ්ඩායමේ නියෝජිතයන් දෙදෙනෙක් එදා කළුතර දිස්ත්‍රික් සංවර්ධන සභාවට තේරී පත්වන්නේ එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ පමණක් ඒ මැතිවරණයට ඉදිරිපත්ව සිටි වාතාවරණයකදීය.

Trending

Exit mobile version