හේවිසි වාදනය ලෝක උරුමයක් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා කියයි.
වැලිමඩ දඹවින්න පුරාණ රජමහා විහාරයේ පැවැති පාරම්පරික හේවිසි වාදකකරුවන් ඇගයීමේ උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.
මෙහිදී වැලිමඩ ඌව පරණගම පාරම්පරික හේවිසි වාදකකරුවන් ඇගයීමට ලක් කර ඇත.
ඔවුන්ගේ දක්ෂතාවලින් මෙම උත්සවය වර්ණවත් වූ බවද පැවසේ.