Connect with us

පුවත්

හොරකම් කරන්න මම දේශපාලනේ කළේ නැහැ

Published

on

හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනා කෙනෙක් බව කියන මහනුවර ප්‍රධාන පෙලේ වාහන අලෙවිසැලක හිමිකරුවෙකුගේ පුත්‍රයෙකුගේ නිවසක තිබී ලියාපදිංචි නොකළ නවීන මෝටර් රථයක් සහ ජීප් රථයක් සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ 1997 අංකයට ලැබුණු තොරතුරකට අනුව එම රථවාහන සොයාගත් බවත් එම නිවැසියන්ට එම වාහනවල කිසිදු නීත්‍යානුකූල ලියවිල්ලක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ බවය.

වාහන ගාල්කර තිබූ නිවසේ හිමිකරුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු මෝටර් රථ දෙක පොලීසිය භාරයට ගෙන තිබුණි.

මේ අතර හිටපු අමාත්‍යවරයාගේ බෑණා බව පැවසෙන ගයාන් සේරම් ඊයේ (21) නීතිඥවරයෙක් සමග බම්බලපිටිය පොලීසියට ගොස් පැමිණිල්ලක්ද කර තිබේ.

ඔහු පැවසුවේ අදාළ චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලා පැමිණිල්ලක් කිරීමට පැමිණි බවය.

“මම රෝහිත අබේගුණවර්ධන මහතා ගේ බෑණා. මටයි මගේ බිරිඳගේ තාත්තටයි විරුද්ධව මඩ ප්‍රචාරයක් යනවා. ඒක නිවැරදි කරන්න පැමිණිල්ලක් දාන්නයි ආවේ. වාහන දෙකක් හම්බ වුණා. ඒ දෙකට මාවයි මගේ වයිෆ් ගේ තාත්තාවයි පටලවන්න හදනවා. මගේ පදිංචිය කොළඹ. මේක නුවරින් හම්බවෙච්ච එකක්.”

මේ අතර හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසන්නේ තමා මෙයට සම්බන්ධ බවට ඔප්පු කළහොත් දේශපාලනයෙන් ඉල්ලා අස්වන බව පවසනවා.

“පැහැදිලි ලෙසම කියන්න ඕනේ රෝහිත අබේගුණවර්ධන මේකට සම්බන්ධ නෑ කියලා. ඒක මම වගකීමෙන් කියන්නේ. යම් විදියකින් රෝහිත අබේගුණවර්ධන වන මම මේ වාහන සිද්ධියට සම්බන්ධ නම් මම මගේ දේශපාලනයෙන් අයින්වෙනවා. වගකීමෙන් කියන්නේ. මම දේශපාලනය කරලා තියෙන්නේ වංචාකරන්න හොරකම් කරන්න නෙමෙයි. ඒ නිසා අපි වගකීමකින් පැහැදිලිව කියනවා මේ වගේ දේවල් තියෙනවා නම් මේ වගේ ඇත්ත හොයලා ක්‍රියාකරන්න. දැන් කියනවා මේක බෑණාගේ අයියාගේ කියලා. දැන් කවුරුහරි බෑණාගේ අයියා කෙනෙක්ගේ නම් ඒ ඔවුන් මොකක් හෝ වරදක් කරලා තියෙනවානම් මම පළිද? මොකක්ද මගේ තියෙන සම්බන්ධය. මේ තියෙන්නේ මම ඉන්න නිවස. මේ ගෙදරට හැමදාම මිනිස්සු එනවා, යනවා, කෑම කනවා, මේ අපේ වාහන තියෙනවා ලියපදිංචි වාහන, හැබැයි එකක්වත් අපි එහෙම ඒවා පාවිච්චි කරලා නැහැ. ඉතින් මෙතනදී බොහොම පැහැදිලිව මම කියන්න ඕනේ කවුරු හරි මගේ හිතවතෙක් වැරද්දක් කරත් රෝහිත අබේගුණවර්ධන පළි ද ? ඒ කියන්නේ අපි වගකියන්න ඕනේද වෙන කෙනෙක් වැරැද්දක් කළොත්. මම වරදක් කරලා තියෙනවා නම් බොහොම පැහැදිලිව මට චෝදනා කරන්න. මම වගකීමකින් කියනවා. මම මගේ දේශපාලන ජීවතයෙන් සමුගන්නවා. මම මගේ මැතිවරණ අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වෙනවා මේ සම්බන්ධයෙන් යම් තැනක හරි මගේ සම්බන්ධයක් තියෙනවා නම් ඔප්පු කරන්න. මම ඒක අභියෝග කරනවා. ඕනෑම කෙනෙකුට අභියෝග කරනවා රෝහිත අබේගුණවර්ධන මේකට සම්බන්ධ නම් ඔප්පු කරන්න. මම දේශපාලනයෙන් ඉල්ලා අස්වෙනවා. ඇයි මේක කරන්නේ?”

සබැඳි පුවත්

පුවත්

ණය බර තවත් ඉහල ගිහින්

Published

on

By

ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර 2023 වසරට සාපේක්ෂව 2024 දී ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී තිබේ.

 2023 වසරේදී මෙරට විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 63.4 කි.

එහෙත් 2024 දී ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 68 ක් දක්වා ඩොලර් බිලියන 5 කින් හෙවත් ඩොලර් කෝටි 500 කින් පමණ ඉහළ ගොස් තිබේ.

මෙලෙස විදේශ ණය බර ඉහළ ගොස් ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට සපයන ලද විදේශීය ණය සහ වගකීම් ඉහළ යාම නිසා බවද මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

මූලාශ්‍රය – දේශය

Continue Reading

පුවත්

වනජීවී අභ්‍යාසලාභීන්  3451කට ස්ථිර පත්වීම්

Published

on

By

වනජීවි දෙපාර්තමේන්තුවේ මේ වන විට සේවය කරන අභ්‍යාසලාභීන් 3451කට ස්ථීර පත්වීම් ලබාදී තිබේ . 

 ඔවුන්ව බහුකාර්ය සංවර්ධන පුහුණු අභ්‍යාසලාභීන් ලක්ෂයක් බඳවා ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ බඳවා ගෙන ඇත.

මීට අදාළව සංකේතාත්මකව ස්ථීර පත්වීම්ලාභීන් 50දෙනෙක්ට ඊයේ (13) පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි අතින් පත්වීම් ලබා දීම සිදුවිය.

එම අවස්ථාවේදී ඔහු කියා සිටියේ අලි මිනිස් ගැටුම අවම කර ගැනීම සදහා පත්වීම් ලබන්නන්ගෙන් ඉහළ දායකත්වයක් අපේක්ෂා කරන බවය. 

මේ වන විට දිවයින පුරා විදුලි වැට 437ක් ඉදිකර ඇති අතර එය කිලෝමීටර 5644ක් පුරා විහිදී පවති. 

එමෙන්ම විදුලිවැට බලගැන්වීමේ කුටි 647ක් ද ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

Continue Reading

පුවත්

පොලිස් ස්ථානවලට ප්‍රහාර එල්ලකරන බවට ඇමතුමක්

Published

on

By

උතුරේ පොලිස් ස්ථාන 10කට පමණ ප්‍රහාරයක් එල්ලකරන බවට කන්කසන්තුරේ පොලිස් ස්ථානයට නිර්ණාමික දුරකථන ඇමතුමක් ලැබී තිබේ.

අදාළ ඇමතුම පසුගිය ජූනි 11වනදා දහවල් 1.15ත් 1.20 අතර කාලය තුළ ලැබී ඇති බව සඳහන්ය.

 මේ වනවිට මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ තිබේ.

කෙසේ වෙතත් උතුරේ පොලිස් ස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා සිටියේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved