පුවත්

හොරෙන් ගස් කපන්න ගිය සාජන් හිරේ

Published

on

වතු යායකට ඇතුළු වී ටර්පන්ටයින් ගස් කපා හොර රහසේ රැගෙන ගිය පොලිස් සැරයන්වරයකු ලබන 05වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හැටන් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ ඩයගම පොලිස් ස්ථානයට අනුයුක්තව නුවරඑළිය පොලිස් අධිකාරී කාර්යාලයේ සේවය කළ පොලිස් සැරයන්වරයෙකි.

පොලීසිය පවසන අන්දමට පසුගිය 22 වැනිදා හැටන් පොලිස් වසමේ වතු යායකට ඇතුළු වී එහි සහකාර ක්ෂේත්‍ර නිලධාරියාට පහර දී තුවාල කිරීමේ චෝදනාවක් ද මෙම සැරයන්වරයාට එල්ල ඇත.

Trending

Exit mobile version