පුවත්

හොරෙන් මෙරටට ගෙනා මිලියන 27 ක රන් බිස්කට් අල්ලයි

Published

on

තායිලන්තයේ බැංකොක් නුවර සිට නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් මිලියන 27ක් වටිනා රත්තරන් බිස්කට් 14ක් රේගු භාරයට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්‍ෂ සීවලී අරුක්ගොඩ මහතා පවසයි.

ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු විසින් මෙම රත්තරන් තොගය කටුනායක ගුවන්තොටුපලෙන් පිට කිරීමට ගත් උත්සාහයක් මෙලෙස වැළැක්වීමට හැකි වූ බව ඔහු පවසයි.

මෙලෙස රේගුව භාරයට ගත් එම රත්තරන් බිස්කට්වල බර කිලෝග්‍රෑම් 1.314කි.

රේගුව හරහා පිටවන සියලුම මගීන්ගේ ගමන් මලු ලෝහ අනාවරක (Metal Detectors) මගින් පරීක්ෂා කිරීම අඛණ්ඩව සිදු කිරීම නිසා සැකකරුට රේගුවට හසුනොවී පිටවීම‌ට අවස්ථාවක් නොලැබීම මත රත්තරන් තොගය පිළිබඳව රේගුවට ප්‍රකාශ කළ බවත්, ඉන්පසුව රත්තරන් තොගය සමඟ සැකකරුව භාරයට ගත් බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Trending

Exit mobile version