එක්තරා සමාගමක් විසින් සූක්ෂම ලෙස 2022 වසරේ නිෂ්පාදිත වාහන මෙරටට ආනයනය කිරීම සඳහා ජපානයේ වාහන තත්ව සහතික නිකුත් කරන සමාගම් තුනකට බලපෑම් කර ව්‍යාජ නිෂ්පාදන දින යොදා මෙරටට ආනයනය කිරීමට කටයුතු කරමින් සිටින බව හෙළිවී තිබේ.
වාහන ආනයනයට අදාලව රජය විසින් නිකුත් කරන ලද රෙගුලාසි යටතේ මෙරටට වාහන ගෙන්විය හැක්කේ ඉකුත් 2023 වසරේ ජනවාරි මස 15 වැනිදායින් පසු නිෂ්පාදනය කරන ලද වාහන පමණි.
වාහන ආනයනය සඳහා අවසරය ලබාදීමේදී රජය විසින් රෙගුලාසි පනවා ඇත්තේ වසර තුනක් ඇතුලතදී නිෂ්පාදනය කරන ලද වාහන ආනයනය කලයුතු බවය.
කෙසේවුවද, ජපානයේ නිෂ්පාදනය කරන ලද වාහන වල නිෂ්පාදිත මාසය සඳහන් නොකරන බැවින්, නිෂ්පාදිත මාසය 2023 වසරේ ජනවාරි මස 15 වැනිදායින් පසු ලෙස සලකා වාහන ආනයනය කරන ලෙසද රජය රෙගුලාසි පනවා තිබේ.
එවැනි තත්වයක් තිබියදීත් එක්තරා සමාගමක් විසින් 2022 වසරේ නිෂ්පාදනය කරන ලද වාහන ආනයනය කිරීමේ සූදානමක් පවතින බවට ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ඇසෝසියේෂන් ඉන් ජැපෑන් (Sri Lanka Automobile Association in Japan (SLAAJ) විසින් මෙරට ආනයනය අපනයන පාලක ජනරාල්වරයාටද ලිඛිතව දැනුම්දී ඇත.
ඒ අනුව, අදාල අපනයනයකරු විසින් ජපානයේ වාහන සඳහා තත්ව සහතික නිකුත් කරනු ලබන JAAI, Bureau Veritas, JEVIC ඒජන්සි තුනට අදාල ආනයනකරු බලපෑම් කර ඇත්තේ ලංකාවට ආනයනය කරන ලද වාහන වල 2022 වර්ෂයේ මාසයක් යොදන ලෙසය.
එසේ ව්‍යාජ දින යොදා වාහන 150 ක් පමණ ජපානයෙන් මේ සතියේදී ලංකාවට ගෙන්වීමට නියමිත බවද අනාවරණය වේ.
මෙවැනි ආකාරයෙන් බලපෑම් කිරීම නීති විරෝධී කටයුත්තක් බැවින්, එය රජයේ රෙගුලාසි උල්ලංඝණය කිරීමක් බවද ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ඇසෝසියේෂන් ඉන් ජැපෑන් ආයතනය විසින් ආනයන අපනයන පාලක ජනරාල්වරයාට යවන ලද ලිපිය මගින් සඳහන්කරයි.
ව්‍යාජ ලේඛණ සකස් කරන්නේ මෙසේ ආනයනය කරනු ලබන වාහන මෙරට වෙළෙඳපොලට ගෙන්වීමට අවස්ථාව නොදියයුතු බවත්, ඒවා ප්‍රති අපනයනය කිරීමට කටයුතු කලයුතු බවත් වාහන ආනයනකරුවෝ පවසති.
වාහන ආනයනකරුවන් කියා සිටින්නේ තායිලන්තයෙන් ආනයනය කරන ලද පළමු වාහන තොගය මේ මාසයේදී ලැබීමට නියමිත බවත්, ජපානයෙන් ආනයනය කරන පළමු වාහන තොගය ලබන මාසය මැදදී මෙරටට ලැබීමට නියමිත බවය.
ඒ අනුව, ජපානයේ පළමු වාහන තොගය ලෙස වාහන 2000 ක් පමණ මෙරටට ලැබීමට නියමිත බවද වාහන ආනයනකරුවන් පවසති.
ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ඇසෝසියේෂන් ඉන් ජැපෑන් (Sri Lanka Automobile Association in Japan (SLAAJ) විසින් මෙරට ආනයනය අපනයන පාලක ජනරාල්වරයාටද ලිඛිතව කරන ලද දැනුම්දීමේ ලිපිය පහත දැක්වේ.