පුවත්

හොර පාරෙන් ගෙනා කෝටි 3ක උඳු රේගු භාරයට

Published

on

නීති විරෝධී ලෙස ඉන්දියාවේ සිට ආනයනය කළ උඳු මෙට්‍රික් ටොන් 17 ක විශාල තොගයක් රේගු ආදායම් අධීක්ෂන අංශය විසින් අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කරයි.

කඩල අඩංගු බහලුමක සඟවා තිබී මෙම උඳු තොගය සොයා ගත් බවත් එහි වටිනාකම රුපියල් මිලියන 31 ක් පමණ වන බවට තක්සේරු කර ඇති බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ සීවිලි අරුග්ගොඩ මහතා පැවසීය.

කිසියම් ආකාරයකින් මෙම මෙම උඳු තොගය රේගුවෙන් නිදහස් වූයේ නම් බදු වශයෙන් රජයට රුපියල් මිලියන 5.1 ක් අහිමි වන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අදාළ උඳු තොගය සහිත බහලුම ඔරුගොඩවත්ත ආර්.සී.ටී. අංගනයේ රඳවා තිබේ.

Trending

Exit mobile version