පුවත්

හොර පාරෙන් පාස්පෝට් දෙන්න ගිය බ්‍රෝකර්ලා 9ක් අල්ලයි

Published

on

නිසි ක්‍රියාමාර්ගවලට පරිබාහිරව විදේශ ගමන් බලපත්‍ර සකසා ලබාදීමට විවිධ පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන ඇති තැරැව්කරුවන් 09 දෙනෙකු අද (19) උදෑසන වන විට පොලිස් බුද්ධි අංශ මගින් අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

ආගමන විගමන දෙපාර්තමේන්තුව අසලට පැමිණෙන පුද්ගලයන්ගෙන් විදේශ ගමන් බලපත්‍ර සැකසීම සදහා රු. 25,000ක මුදලක් අයකර ගනිමින් පෝලිම්වල නොසිට මෙම විදේශ ගමන් බලපත්‍ර නිසි ක්‍රියාමාර්ගවලට පරිබාහිරව ගොස් සකස් කර දෙන බවට පැමිණිලි ලැබී තිබුණු බවත්, ඒ අනුව, මේ පිලිබදව වහාම සොයා බලන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා බුද්ධි අංශවලට ඊයේ දිනයේදී නියෝග කර ඇත.

ඉහත අත්අඩංගුවට ගැනීම් සිදුවී ඇත්තේ ඒ අනුවයි.

මෙම මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, මෙසේ වංචනිකයන් සමග එකතුවී ක්‍රියාකරන අනෙකුත් නිලධාරීන් පිලිබඳවද සොයා බලන බවත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

Trending

Exit mobile version