කැසිනෝ ඇතුළු සියලු සූදු නියාමන කිරීමේ විධිවිධාන ඇතුළත් අධිකාරි පනත ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
ඒ පිළිබඳ අභියෝගය රජය බාරගෙන ඇතැයි පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා කිසිම නියාමනයක් නොතිබූ කැසිනෝ ආයතන වලට කෝටි පනහක බද්දක් අය කළේ මේ රජය බවද සඳහන් කළේය.
සූදු නියාමන කටයුත්ත පියවරෙන් පියවර කරගෙන යන බවද ඔහු සඳහන් කළේය.
ගිලෙන්න යන ශ්‍රී ලංකාව වලට බැහැලා කරගහල අරගෙන යන බවත් මේ කටයුත්ත රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පමණක් කරන බවට කියන කතා පිළි නොගන්නා බවත් රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේය.