Connect with us

පුවත්

ළඟදී පැන්ෂන් ගිය දේශීය ආදායම් ලොක්කා දැමූ බදු උපදෙස් කඩේ

Published

on

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විශ්‍රාම ගෙන යන නිලධාරීන් අතරින් කිහිපදෙනෙකු සිය රාජකාරී කාලය තුළ බදු ලිපිගොනු තුළින් මිතුරුකම් ඇති කරගන්නා බදු ගෙවන්නන් තවදුරටත් ආරක්ෂා කරමින් ගෙවිය යුතු බද්ද අඩුකිරීමට මුදලට උපදෙස්දී රටේ බදු ආදායම තවත් බස්සන උපදේශක මගඩියක් ගැන ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

ඒ අනුව අලුත්ම උපදේශක හල දමා ඇත්ත‌ේ පසුගිය ජූලි මස 21 වැනිදා දෙපාර්තමේන්තුවෙන් විශ්‍රාම ගත් එන්.එම්.එම්. මිෆ්ලි මහතාය.

ඔහු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විශ්‍රාම ගෙන මසක් යාමටත් පෙර කොළඹ බම්බලපිටිය ප්‍රදේශයේ MIFA නමින් බදු උපදෙස් කඩයක්  ආරම්භ කර තිබේ.

 මිෆ්ලි, හිතවත් බදුගෙවන්නන් වෙතට තමාගේ අළුත් බදුපොළ ගැන විස්තර කෙටි පණිවිඩ සහ ඊ මේල් යවමින් දැනුවත් කර ඇති බවද පැවස‌ේ.

ඇතුළේ ඉඳිද්දීත් වැඩි සහය කළු සල්ලි සුදු කරන අයටයි

මිෆ්ලි, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සිටියදී වැඩි වශයෙන් සිදුකර ඇත්ත‌ේ බදු ප්‍රතිපත්ති සැකසීමේ සහ ජ්‍යත්ත්‍යන්තර බදුකරණය යන රාජකාරි කටයුතු බවත් පැවසේ.

එසේම ඔහු 2021 දී හදුන්වා දුන් බදු සමාපනතට අනුව හෙළි නොකළ ආදායම් සඳහා 1% සුළු බද්දක් අයකරගැනීමේ කටයුතු වලදී මූලික වී කටයුතු කර ඇති බවත් අනාවරණය විය. 

බදුසමාව වාසියක් කරගෙන කළු සල්ලි සුදු කළ ව්‍යාපාරිකයින්ට තම කාර්යය පහසුවෙන් කරගෙන යාමට හැකිවුයේද මිෆ්ලිගේ සහයෝගයෙන් බව ‌දේශීය ආදායම් දෙපාර්තමේන්තු වෘත්තීය සමිති ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එසේම මේ අතර වාර්තා වන්න‌ේ ආදායම හෙළිකළ බදු ගෙවන්නන් සම්බන්ධයෙන් බදු නිලධාරීන් දැනුවත් කර ඊට පසුව එළඹෙන වර්ෂවලදී අදාල බදු විගණන කාර්යක්ෂමව කරගෙන යෑම අවශ්‍ය කරුණක් වුවත් ඒ සඳහා අවශ්‍ය තොරතුරු මිෆ්ලි සහ වත්මන් කොමසාරිස් ජනරාල් විසින් මේ වනතුරුත් නිසි පරිදි එළිදක්වා නොමැති බවයි.

විශ්‍රාම ගැනීමෙන් පසුව බදු උපදෙස්හලක් ආරම්භ කිරීමේ බලාපොරොත්තුවෙන් සිටි මිෆ්ලි ඊට වාසි වන විදියට අභ්‍යන්තර බදු විගණන කටයුතු සඳහා චක්‍රලේඛයක් කොමසරි ජනරාල් මඟින් නිලධාරීන් වෙත නිකුත් කිරීමට ද අමතක කර නැතැයි ද වෘත්තීය සමිති ප්‍රධානියකු අප සමඟ කියා සිටියේය.

මෙම චක්‍ර ලේඛනය නිසා පනතට අනුව මෙතෙක් කරගෙන ගිය බදු විගණන කටයුතු ක්‍රියාවලිය අවුල් කර ඇති  බවත්, අනවශ්‍ය ගැටුමක් ඉහළ පරිපාලනයත් පහල නිලධාරීන් අතරත් නිර්මාණය වී ඇතැයි ද පැවසේ.

ඔවර් ඇක්ටිං නිසා රුක්දේවීට ඔස්කාර් මිස් ‌වෙලා

මේ අතර, මිෆ්ලිගේ පුටුවට කෙල හලමින් සිටි රුක්දේවී ප්‍රනාන්දු නමැති නිලධාරිණිය ලේඛනය සම්බන්ධයෙන් තමාට ඉදියේදී එල්ල වන ගැටළු වලින් මිදීමට, මිෆ්ලි විශ්‍රාම ගන්නා දිනයේ දහවල කඩිමුඩියේම නිලධාරීන් වෙත චක්‍ර ලේඛනය පිළිබඳ පැහැදිළි කිරීමක් වැනි යමක් කිරීමට රංගනයක යෙදුනු බව හෙළිව ඇත්ත‌ේ එහිදී නිලධාරීන් ඇසූ ප්‍රශ්ණ වලට ද නිසි පිළිතුරු නොලැබීම නිසා බව පැවසේ.

මෙම ලේඛනය නිසා බදු විගණන කටයුතු අඩපණ වී ඇති බවත්, රටේ සමස්ථ බදු අදායමට මෙම තත්වයේ බලපෑමක් ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

තව දින කීපයකින් ජනරාල්ධූරයෙන් විශ්‍රාම ගැනීමට නියමිත රංජිත් හපුආරච්චි මහතා ද MIFA කඩයට එකතු වීමට කැමැත්තෙන් සිටින බවට ද දේශීය ආදායම් දෙපාර්තමේන්තු කාර්යාලය පුරා රාවයක් පැතිර තිබේ.

මේ සම්බන්ධයෙන් එම ආයතයේ හිටපු කීර්තිමත් ජනරාල්වරයෙක් කියා සිටියේ විශ්‍රාම යන නිලධාරීන් මෙසේ නැවතත් පිටත සිට බදුගෙවන්නන් සමඟ එකතුවී කටයුතු කිරීම සදාචාරාත්මක නොවන බවයි.

ඒම තත්ත්වය නිසා අවම වශයෙන් විශ්‍රාම ගිය නිලධාරියෙකුට නැවත තමා සේවය කළ ස්ථානයට අදාල කටයුතු සම්බන්දයෙන් පෙනී සිටීම අඩුම තරමින් වසර තුනක් දක්වාවත් නතර කළ යුතු බවයි.

විනිවිද බවින් යුතු බදු ක්‍රමයක් ඇතිකර බදුගෙවන්නාගේ විශ්වාසය වැඩි කිරීමට නම් මෙවැනි තත්වයන් කඩිනමින් නිවැරදි විය යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.

පුවත්

ජාත්‍යන්තර සාගර දිනය අද

Published

on

By

ජාත්‍යන්තර සාගර දිනය, අදට (08) යෙදී තිබේ.

මෙවර එහි තේමාව, ”අප රකින අසිරිමත් මහ සයුර සුරකිමු” යන්නයි.

සාගර දින ජාතික සැමරුම, කොළඹ වරාය නගරයේදී අද පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

එහිදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක බව, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ, ජනාධිපති අතිරේක ලේකම් එස්. පී. සී. සුගීෂ්වර මහතා සඳහන් කළේ ය.

ජගත් සාගර දිනයක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ප්‍රථම වරට අවධානයට ලක් වුණේ, 1992 වසරේ පැවති එක්සත් ජාතීන්ගේ පරිසර හා සංවර්ධන සමුළුවේදීයී.

එහි ප්‍රතිපලයක් ලෙස, 2008 වසරේදී, ජුනි 8 වැනිදා ලෝක සාගර දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරුණා.

සාගරය, භූමියේත් ජීවයේත් පැවැත්මට ලබා දෙන්නේ අසීමාන්තික දායකත්වයක්.

මිනිසාට අවශ්‍ය ඔක්සිජන් ප්‍රතිශතයෙන් සියයට 50 ත් 85 ත් අතර ප්‍රමාණයක් සාගරයෙන් හිමි වේ.

කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතයෙන් සියයට 30 ක් අවශෝෂනය කර ගන්නේ ද සාගරයයි.

පෘථිවියේ විශාලතම ආහාර ගබඩාව හා ඉන්ධන ගබඩාව ලෙස ද, සයුර හැඳින්විය හැක.

මෙවන් අසීමාන්තික දායකත්වයක් ලබා දෙන සාගරය, අද වන විට බරපතල තර්ජනයකට ලක්ව ඇත.

ඉන් බරපතලම ගැටලුව වී ඇත්තේ,  ප්ලාස්ටික් පොලිතින් ඇතුළු විවිධ අපද්‍රව්‍ය සාගරයට මුදා හැරීමයි.

Continue Reading

පුවත්

කුණු ගෙනියන ට්‍රැක්ටරයේ සිට අල්ලස් ගන්නවා – මහාධිකරණ විනිසුරු රංග දිසානායක

Published

on

By

සමහරු වංචාවෙන් දූෂණයෙන් හොයපු ගණන කොච්චරද කියනවනම් සමහර ඒවා තමාට සම්මත ක්‍රමයට කියවීම පවා දුෂ්කර බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා පැවසීය.

කුණු ගෙනියන ට්‍රැක්ටරයේ සිට අල්ලස් ගන්නා ක්‍රමවේදයක් රටේ නිර්මාණය වී පවතින බව පැවසූ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෝක ගුරු දිනයට සමහර ගුරුවරියන් සාරි හතළිහක් විතර ගෙදරට ගෙනියන බවද සඳහන් කළේය.

ඇතැම් දරුවන් ගුරුවරියට සාරියක් ගෙනියන්න නොදුන්නොත් එදින පාසලට පවා නොයන බව ඔහු කීවේය.

ජනතාව හොරු අල්ලන්න කිව්වත් බලාපොරොත්තු වන්නේ ඔවුන් කියන හොරු ඇල්ලීම පමණක් බවත් රටේ සුදු කරපටි වංචනිකයන් ඉදිරියෙන් සිටින හෙයින් ඔවුන් අත්අඩංගුවට ගැනීම අද ලොකු අභියෝගයක් බවත් හෙතෙම සඳහන් කළේය.

රංග දිසානායක මහතා මෙසේ පැවසුවේ ඊයේ කොළඹදී පැවති සම්මන්ත්‍රණයකදීය.

මූලාශ්‍රය – ලංකාදීප

Continue Reading

පුවත්

මාතර බන්ධනාගාරය කොටවිලට

Published

on

By

මාතර බන්ධනාගාරය කොටවිල ප්‍රදේශයට ගෙනයාමට කඩිනමින් කටයුතු කරන බව අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා කියයි.

ඊයේ (07) පස්වරුවේ මාතර බන්ධනාගාරයේ නිරික්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

මාතර බන්ධනාගාරයේ පවතින අඩුපාඩු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අධිකරණ අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා,

“මාතර බන්ධනාගාරයේ පවතින අවශ්‍යතා සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් පසුව විශේෂ සාකච්ඡාවක් සිදු කළා. මෙම බන්ධනාගාරය ස්ථාපිත භූමියෙහි බන්ධනාගාරයකට අවශ්‍ය  කටයුතු සඳහා ඉඩකඩ ප්‍රමාණවත් නැහැ. ඒ නිසාවෙන් බන්ධනාගාර නිලධාරීන් කාර්ය මණ්ඩල මෙන්ම රැඳවියන්ද දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා. මේ සඳහා විසඳුමක් වශයෙන් මාතර බන්ධනාගාරය කොටවිල ප්‍රදේශයට කඩිනමින් ගෙන යාමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට සාකච්ඡා කරනු ලැබුවා.”

“මාතර නව අධිකරණය ස්ථාපිත කර තිබෙන්නේ කොටවිල ප්‍රදේශයේයි. එහි බන්ධනාගාරය ස්ථාපිත කිරීමට ඉඩමක් වෙන් කර තිබෙනවා. පසුගිය දිනවල පැවති කලබලකාරී තත්ත්වය සමඟ මාතර බන්ධනාගාරයට හානි සිදු වුණා. එම තත්ත්වයත් නිරීක්ෂණය කරනු ලැබුවා. රටේ සංවර්ධන සැලැස්ම සමඟ බන්ධනාගාරය දැනට ස්ථාපිත භූමිය ‌ඵෙතිහාසික වටිනාමක් සහිත භූමීයක් බවට පත් කිරීමේ හැකියාව තිබෙනවා. මේ සියලු කටයුතු පිළිබඳව අද සාකච්ඡා කළා. ඒ අනුව මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කර කඩිනමින් ඉදිරි කටයුතු සිදු කරනවා.”

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved