Connect with us

පුවත්

ළමා අපයෝජන වැළැක්වීමට දැඩි නීති!

Published

on

ළමා අපයෝජන වැළැක්වීම සඳහා දැඩි නීති කෙටුම්පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නීති අංශ වෙත උපදෙස් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඇතැම් ගුරුවරුන් සහ වැඩිහිටියන් මෙන්ම සමාජයේ විවිධ ජන කොටස් අතින් දිගින් දිගටම සිදුවන ළමා අපයෝජන  ඉතා කඩිනමින් මර්දනය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී ඇති ජනාධිපතිවරයා එවැනි ක්‍රියා සඳහා දැඩි දඬුවම් නියම කෙරෙන නීති පද්ධතියක අවශ්‍යතාව අවධාරණය කර ඇත.

කළුතර හෝටලයක ඉහළ මහළකින් පැන 16 හැවිරිදි දැරියක මියයාම, කළුතර උපකාරක පංති ගුරුවරයකු විසින් දරුවන් 16 දෙනෙකු අපයෝජනයට ලක් කිරීම ඇතුළු සිදුවීම්  දිගින් දිගටම වාර්තා වීම පිළිබඳ අවධානය යොමු කරමින් ජනාධිපතිවරයා මෙම උපදෙස් දී ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මෙසේද දැක්වේ :

රටේ දරු පරපුර ආරක්ෂා කර ගැනීම සඳහා  වෙනමම නීති මාලාවක් හඳුන්වා දිය යුතු බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ. ඒ සඳහා දැනට පවතින නීති සංශෝධනය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී ඇති ජනාධිපතිවරයා මෙම නීති පද්ධතිය  සැකසීමේදී ජංගම දුරකථන, සමාජ මාධ්‍ය ආදිය යොදා ගනිමින් කෙරෙන ළමා අපයෝජන සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන ලෙස  දැනුම් දී ඇත.

ඒ අනුව අදාළ නීති කෙටුම්පත්  කිරීමෙන් අනතුරුව  කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට නියමිතය.

පාසල් විෂය මාලා තුළද වෙනස්කම්  සිදුකිරීමේ අවශ්‍යතාව පෙන්වා දී ඇති ජනාධිපතිවරයා දෙමාපිය දූ දරු සබඳතා පිළිබඳ සහ ගෘහාශ්‍රිත මානසික සෞඛ්‍ය පිළිබඳ නව සංවාදයක් සහ දැනුවත් කිරීමේ වැඩසටහනක අවශ්‍යතාවය ද අවධාරණය කර තිබේ.

ළමා පරපුර රැක ගැනීම සඳහා මෙලෙස දැඩි නීති ගෙන එන අතරම දරුවාගේ මානසිකත්වය අවබෝධ කර ගනිමින් පුළුල් මනසක් සහිත දරුවකු නිර්මාණය කිරීම සඳහා සමාජයේ ආකල්ප වර්ධනය කිරීමට රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මට්ටමින් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුවී ඇත.

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved