පුවත්

ළමා නිවාස පාලිකාව 17 හැවිරිදි දරුවව ගහල මරලා

Published

on

කල්මුණේ ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයක රඳවා සිටි 17 හැවිරිදි පිරිමි දරුවකුට පහර දී ඝාතනය කළේ යැයි කියන එම ළමා නිවාසයේ 28 හැවිරිදි වියේ පසු වන පාලිකාව  සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ ඝාතනය කර ඇත්තේ මඩකලපුව කොක්අඩිචෝලේ ප්‍රදේශයේ පදිංචි ඒ.ටී දර්ශන නැමැති ළමයෙකි.

හොරකමක්ට සැකපිට අත්අඩංගුවට ගෙන මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දී තිබු නියෝගයක් අනුව මෙම ළමයා කල්මුනේ ප්‍රදේශයේ පිහිටි මෙම ළමා නිවාසයේ රඳවා තබා සිට ඇතැයි පොලිසිය කියයි.

මෙම ළමයා ගේ මුරණ්ඩුකම් මට්ටු කිරීමටයැයි කියා පොලුවලින් පහර දී තිබෙන බව පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි හෙලිවී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

Trending

Exit mobile version