පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍රයක දේශපාලනික ස්වරූපයෙන් යුත් ප්‍රශ්න ඇතුළත්වීම සම්බන්ධව අමාත්‍යංශ මට්ටමින් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය සඳහන් කළේ, අදාළ නිලධාරීන්ට මේ සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් මේ වනවිටත් ලබාදී ඇති බවය.
මෙම පරීක්ෂණය සිදුකෙරෙන්නේ කළුතර දිස්ත්‍රික්කයේ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයේ දෙවැනි වාර පරීක්ෂණයේදී උසස් පෙළ දරුවන්ට ලබාදුන් සාමාන්‍ය පොදු පරීක්ෂණයේ ප්‍රශ්න පත්‍රයට දේශපාලන පක්ෂයකට සම්බන්ධ ප්‍රශ්න 05ක් අන්තර්ගත වීමට අදාලවයි.
මෙම ප්‍රශ්න පත්‍රය සකස් කර ඇත්තේ අදාළ පාසලෙන් ම බවත් ඒ සඳහා අමාත්‍යංශ මට්ටමින් හෝ වෙනත් ආයතනික මට්ටමකින් හෝ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ජයසුන්දර මහත්මිය පෙන්වා දෙයි.
අමාත්‍යංශ මට්ටමින් සිදු කරනු ලබන විධිමත් පරීක්ෂණයකින් පසුව ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගන්නා බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.