අලුත් අවුරුදු සමයෙන් පසුව දරුවන් අතර පාචනය ව්‍යාප්ත වීමක් දැකගත හැකි බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.
දරුවන් අතර හතිය, ඉන්ෆ්ලුවෙන්සා, වයිරස් උණ ද ව්‍යාප්ත වී ඇති බව ඔහු වැඩිදුරටත් පවසයි.
වමනය, බඩඑළිය වැනි රෝග ලක්ෂණ තිබේ නම් ඒ සඳහා ප්‍රතිකාර ලබා ගත යුතු බවද ඔහු අවධාරණය කරයි.