Connect with us

පුවත්

ෆයිසර් එන්නත් ලක්ෂ 75ක් කල් ඉකුත්වී විසිකරන්න වෙලා!

Published

on

කොවිඩ් සමයේ මෙරටට ගෙන්වනු ලැබූ ෆයිසර් එන්නත් ලක්ෂ හැත්තෑ පහකට අධික ප්‍රමාණයක් භාවිතයට නොගැනීම හේතුවෙන් විනාශ කිරීමට සුදානම් වන බව වාර්තා වේ.

කල් ඉකුත් වී ඇති එම එන්නත් තොග මේවන විට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ එලිමහනේ ඇති බහාලුමක ගබඩා කර ඇති බවද පැවසේ.

කොවිඩ් ව්‍යාප්තිය සමග 2021 වසරේ ජූලි මස සිට දෙැසැම්බර් මස දක්වා කාලය තුළ ෆයිසර් එන්නත් මාත්‍රා දෙකෝටි අසූ අටදහස් පනහක් (20088050) අවස්ථා කිහිපයකදී මෙරටට ගෙන්වා ඇත.

ඉන් භාවිතයට නොගෙන ඉතිරිව තිබු ෆයිසර් එන්නත් ලක්ෂ හැත්තෑ පහක් මාස හතක පමණ කාලයක් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ශිතකරණ තුළ ගබඩා කර තිබුණි.

එම එන්නත් තොග කල් ඉකුත්වීමත් සමග පසුගිය වසරේ ඔක්තෝබර් මස 31 වැනිදා සිට භාවිතයෙන් ඉවත් කිරීමට කටයුතු යොදා තිබිණ.

එසේ වුවද මෙම එන්නත් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ශිතකරණ තුළ ගබඩා කර තිබු නිසා එම ආයතනයට මිලියනයකට ආසන්න අමතර විදුලි බිලක් ගෙවීමටද සිදුව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම තත්ත්වය මත පසුගිය මැයි තිස් එක් වැනිදා (31) ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය වසංගත රෝග විද්‍යා අංශය⁣ට මෙම එන්නත් තොගය රැගෙන යන ලෙස දැනුම් දී ඇත.

එම දිනයේදිම ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ආදාළ ශිතකරණවලට විදුලිය සැපයීම නතර කිරිමට කටයුතු කර තිබේ.

පසුව වසංගත රෝග විද්‍යා අංශයේ බලධාරින් පසුගිය සතියේ පැමිණ අදාළ එන්නත් තොගය ශිතකරණවලින් ඉවත් කර රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ එලිමහනේ ඇති බහාලුමක ගබඩා කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

එම එන්නත් එම පරිශ්‍රයෙන් රැගෙන යාම සඳහා යම්කිසි කාලයක් අවශ්‍ය බවට වසංගත රෝග විද්‍යා අංශය ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයෙන් ඉල්ලීමක්ද කර තිබේ.

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading

ක්‍රීඩා

 තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියෙන් නදීෂාට රිදී පදක්කමක්! 

Published

on

By

තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (08) පස්වරුවේ පැවති කාන්තා හෙල්ල විසිකිරීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට නදීෂා ලේකම්ගේ සමත් වූවාය.

ඇය මීටර් 56.62ක දක්ෂතාවක් දැක්වීය.

මෙහි රන් පදක්කම ඉන්දියාවේ අන්නු රාණි විසින් දිනාගත් අතර, ඇය මීටර් 56.82ක දක්ෂතාවක් දැක්වූවාය.

මීට පෙර එම තරගාවලියේ මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ චමෝද් යෝධසිංහ සමත් විය.

ඔහු තත්පර 10.38ක කාලයක් වාර්තා කරමින් එම පදක්කමට හිමිකම් කීය.

මෙහි රන් පදක්කම දිනාගැනීමට ඔස්ට්‍රේලියාවේ ජිසෙෆ් අයෝඩේ සමත් වූ අතර, ඔහු සිය ඉසව්ව තත්පර 10.34කින් අවසන් කළේය.

එමෙන්ම තත්පර 10.36කින් තරගය අවසන් කළ ජපානයේ බෲනෝ ඩෙඩේ රිදී පදකක්ම දිනාගත්තේය.

ලෝක මලල ක්‍රීඩා ‘ලෝකඩ’ කාණ්ඩයේ ශූරතාවලියක් වන මෙය තායිපේ නගරයේ දී ඊයේ (07) ආරම්භ වූ අතර, එය අද (08) අවසන් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved