Connect with us

පුවත්

ෆවුසිට අත්හිටවූ සිරදඬුවම් සහ දඩ

Published

on

හිටපු රාජ්‍ය අමාත්‍ය ඒ. එච්. එම් ෆවුසි මහතාට වසර 2ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර එය වසර 10ක කාලයකට අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (27) නියෝග කළේය.

ඒ. එච්. එම් ෆවුසි මහතා වරද පිළිගැනීමෙන් අනතුරුව ඔහුව එම චෝදනාවට වරදකරු කරමින් අධිකරණය එම නියෝගය ලබාදුන්නේය.

එමෙන්ම විත්තිකරුට ලක්ෂ 4ක දඩයක් ගෙවීමට ද විනිසුරුවරයා නියෝග කර තිබේ.

2010 වසරේ දී ඒ. එච්. එම් ෆවුසි මහතා ආපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී එම අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ කටයුතු සඳහා නෙදර්ලන්තයෙන් හිමිවූ රුපියල් කෝටි 2කට ආසන්න සුඛෝපභෝගි වාහනයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදවා ගැනීම, ඒ සඳහා අමාත්‍යාංශ ලේකම්වරිය ඇතුළු බලධාරීන් පෙළඹවීම හා වාහනයේ නඩත්තු කටයුතු සඳහා රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදල් අමාත්‍යාංශ මුදලින් වැය කිරීම ආදි අධිචෝදනා 4ක් යටතේ නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුව අද දින කැඳවු අවස්ථාවේ දී ඒ. එච්. එම් ෆවුසි මහතා නීතිඥවරයා මාර්ගයෙන් වරද පිළිගනු ලැබීය.

එහිදී විනිසුරුවරයා පෙන්නා දුන්නේ වසර 62ක දේශපාලන පලපුරුද්දක් ඇති ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු මෙලෙස කටයුතු කිරීම කිසිසේත්ම සුළුකොට තැකිය නොහැකි වුවත් ඔහු මුල් අවස්ථාවේ දීම වරද පිළිගැනීම හා මේ වනවිට වයස අවුරුදු 86ක වයෝවෘධ පුද්ගලයෙකු වීම යන කරුණු සලකා ලිහිල් දඬුවම් නියම කරන බවය.

ඒ. එච්. එම් ෆවුසි මහතාගේ ඇඟිලි සලකුණු ලබාගැනීමට ද විනිසුරුවරයා නියෝග කරනු ලැබීය.

පුවත්

කොළඹ පුරපති තේරීමේ ඡන්දය අද

Published

on

By

කොළඹ මහා නගර සභාවේ මංගල රැස්වීම අද (16) පැවැත්වේ.

සභික ධුර 117කින් සමන්විත කොළඹ මහා නගර සභාවේ බලය පිහිටුවීම සඳහා කිසියම් පක්ෂයකට සභික ධුර 59ක් අවශ්‍ය වේ. කෙසේවෙතත්, පසුගියදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී සභික ධුර 48ක් ජාතික ජනබලවේගයට හිමි වූ අතර සමගි ජනබලවේගයට සභික ධුර 29ක් හිමිවුණි.

එක් දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට බහුතරය හිමි නොවීම හේතුවෙන් කොළඹ මහා නගර සභාවේ බලය පිහිටුවීමට අදාළව එහි මංගල රැස්වීම ජුනි 16 වැනිදා පැවැත්වෙන බව සඳහන් කරමින් බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරි ජයසුන්දර පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවාය.

ඒ අනුව අද පෙ.ව. 9.30ට කොළඹ මහා නගර ශාලාවේ පැවැත්වීමට නියමිත රැස්වීමේදී, එහි නව නගරාධිපතිවරයා සහ උප නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පළමු කාර්යය ලෙස සිදුකිරීමට නියමිතය.

Continue Reading

පුවත්

කුඩු ජාවාරමුන්ගේ කෝටි 400ක දේපොළ තහ­නම්

Published

on

By

පාතා­ලයේ මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වන් ඇතුළු නීති­වි­රෝධී ක්‍රියා ඔස්සේ වත්කම් රැස් කර­ගෙන ඇති පුද්ග­ල­යන් 88 දෙන­කුගේ රුපි­යල් කෝටි 400කට අධික දේපොළ නීති­වි­රෝධී වත්කම් විම­ර්ශන කොට්ඨා­සය විසින් මේ වන විට තහ­නම් කර ඇති බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු තොර­තුරු සඳ­හන් කළේය.

ඒ අතර විශාල ඉඩම් 77ක් ඇතුළු පර්චස් 1500කට අධික ඉඩම්ද, නිවාස හා ගොඩ­නැ­ඟිලි 40කට වැඩි ප්‍රමා­ණ­යක් ද, මැණි­ක්ගල් 12ක් ද, රන් කිලෝ 10කට වැඩි ප්‍රමා­ණ­යක් ද, සුපිරි වෙළෙ­ඳ­ස­ලක් ද, ඔසු­හ­ලක් ද, හෝටල් 02ක් ද, සබන් කුඩු යන්ත්‍ර­යක් ද, වාහන 100කට වැඩි ප්‍රමා­ණ­යක්ද, බහු­දින යාත්‍රා 07ක් ද, පාපැදි 328ක් ද, වල්ලම් 02ක් ද, ඇතුළු දේපොළ ඇති බව එම තොර­තුරු විශ්ලේ­ෂ­ණ­යේදී අනා­ව­ර­ණය වේ. මේසේ දේපොළ තහ­නම් කරන ලද අය අතර පාතා­ලයේ මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වන් 26කගේ දේපොළ ද තිබීම විශේ­ෂි­තය. වැඩිම දේපොළ ප්‍රමා­ණ­යක් තහ­නම් කර­මින් විකි­ණීම, පැව­රීම ආදී කට­යුතු සිදු කිරී­මට නොහැකි වන ලෙස ක්‍රියා­වි­ර­හි­ත­කර ඇත්තේ දෙම­ට­ගොඩ රුවන් නමැති අය­ගේය. ඔහු දෙම­ට­ගොඩ චමි­න්දගේ සහෝ­ද­ර­යාය. නීති­වි­රෝධී වත්කම් විම­ර්ශන කොට්ඨා­සයේ තොර­තු­රු­ව­ලට අනුව දෙම­ට­ගොඩ රුවන්ගේ තහ­න­ම්කර ඇති දේපො­ළ­වල මුළු වටි­නා­කම සඳ­හන් වන්නේ රුපි­යල් 666,900,000ක් ලෙසිනි. ඊට රුපි­යල් කෝටි 9ක බැංකු ගිණුම් 05ක්, රුපි­යල් කෝටි 38ක් වටිනා ඉඩම් 02ක්, රුපි­යල් කෝටි 20ක් වටිනා වාහන 10ක්, රුපි­යල් කෝටි 2කට වැඩි වටි­නා­ක­මක් ඇති රත්ත­රන් කිලෝ එක­හා­මා­රක්, රුපි­යල් කෝටි 4කට අධික වටි­නා­ක­මක් ඇති නිවාස 02ක්, මෙන්ම රුපි­යල් කෝටි­ය­කට වැඩි වටි­නා­ක­මක් ඇති උකස් පත්‍රිකා තහ­න­මට ලක්කර ඇති දේපොළ අතර ඇතැයි නීති විරෝධි වත්කම් විම­ර්ශන කොට්ඨා­සයේ තොර­තුරු සඳ­හන් කළේය.

කුඩු සළිඳු, කුඩු රොෂාන්, මොහො­මඩ් රිෆ්කාන්, වැලි­විට සුදා, කර­න්දෙ­ණිය සුද්දා, ගණේ­මුල්ල සංජීව, ලඩියා, කැවුමා, බටු­වත්තේ චාමර, බාසික්, ඕලු­මරා, බතල හීන්, පරෙයි සුද්දා, කිරින්දේ චාමර ඇතුළු පාතා­ලයේ ප්‍රබල මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වන් රැස­කගේ දේපොළ තහ­න­මට ලක්ව ඇති මෙම දේපොළ අතර ඇති බව නීති විරෝධි වත්කම් විම­ර්ශන කොට්ඨා­සයේ තොර­තුරු අනා­ව­ර­ණය කරයි. ප්‍රධාන පෙළේ ගංජා ජාවා­ර­ම්ක­රු­වෙක් ලෙස හඳු­නා­ගෙන සිටින බතල හීන් නමැ­ත්තාගේ රුපි­යල් කෝටි 10 දේපොළ මෑත­කදී තහ­නම් කළ අතර ඉකුත් සතියේ දී ඔහුගේ බිරි­යගේ නමින් වූ තවත් රුපි­යල් කෝටි 03ක දේපොළ තහ­න­ම්කර තිබේ.

මෙසේ දේපොළ තහ­න­ම්කර ඇති පාතා­ලයේ මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වන් රැසක්ම සිටින්නේ විදේ­ශ­ග­ත­වය. බොහෝ දේපොළ ඔවුන්ගේ ඥාතීන්ගේ නම්ව­ලින් තිබී ඇත.

මෙම දේපොළ තහ­න­ම්කර ඇත්තේ 2021 වසරේ සිට කරනු ලබන විම­ර්ශ­න­යන්ට අනු­වය. ඉදි­රි­යේදී තවත් විශාල පිරි­ස­කගේ දේපොළ සම්බ­න්ධ­යෙන් විම­ර්ශන පැවැ­ත්වෙන බවත් ඒ අනුව එම දේපො­ළද තහ­නම් කිරී­මට අවශ්‍ය පිය­වර ගන්නා බව උසස් පොලිස් නිල­ධා­රි­යෙක් සඳ­හන් කළේය.

(දිනමිණ)

Continue Reading

පුවත්

අභියාචනාධිකරණ විනිසුරු පත්වීම් 02කට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

Published

on

By

මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබේ.

අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මියගේ නිර්දේශ මත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් යොමු කරන ලද එම නාමයෝජනා සඳහා කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ ව්‍යවස්ථා සභාව අනුමැතිය ලබාදී ඇති බව වාර්තා වේ.

ඒ අනුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සහ සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු ෆ්‍රෑන්ක් ගුණවර්ධන යන මහත්වරුන් අභියාචනාධිකරණයේ විනිසුරුවැන් ලෙස පත් කිරීම සඳහා මෙලෙස අනුමැතිය හිමිව ඇති බව සඳහන් වේ.

කෙසේවෙතත් අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීමට සිදුකළ යෝජනාව ව්‍යවස්ථා සභාවේ දී සලකා බලා නොමැති බව වාර්තා වේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු අසුනක් තවමත් හිස්ව නොතිබීම හේතුවෙන් ඔහු සම්බන්ධයෙන් සිදුකර තිබූ නාම යෝජනාව ආණ්ඩු පාර්ශවය විසින් ඉල්ලා අස්කරගෙන ඇති බව සඳහන් වේ.

පසුගිය මාර්තු මස 11 වනදා ද අභියාචනාධිකරණය සඳහා නව විනිසුරුවරුන් තිදෙනෙකු පත්වීම් ලැබීය.

(අද දෙරණ)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved