පුවත්

ෆවුසිට නොතීසි

Published

on

හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කරනු ලැබූ  නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය අද (29) නියම කළේය. 

නෙදර්ලන්ත රජය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලබාදුන් ජීප් රථයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදාගැනීම තුළින් රජයට රුපියල් මිලියනයකට අධික පාඩුවක් සිදු කළේ යැයි ඔහු චෝදනා ලබා සිටියි. 

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අතර, 

එම අවස්ථාවේදී විත්තිකාර ෆවුසි මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටියේය. 

ඔහුගේ නීතිඥවරයා සඳහන් කළේ විත්තිකරු චර්ම රෝගයකින් පෙළෙන බැවින් ඔහු අද දින අධිකරණයට නොපැමිණි බවත් ඒ පිළිබඳ තහවුරු කරන වෛද්‍ය වාර්තාවක්ද නීතිඥවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව නඩුව නැවත මැයි මස 22 වනදා දක්වා කල්තැබූ මහාධිකරණ විනිසුරුවරයා එදින විත්තිකරුට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි නිකුත් කරන ලෙසත් නියෝග කළේය.

Trending

Exit mobile version