Connect with us

පුවත්

ෆාදර් සිරිල්, දේශබන්දු හරහා පොලිස් ඇපගත් කතාවක් ඇමති ටිරාන් හෙළිකරයි

Published

on

මෑතකදී කොටහේන ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් පොලිසිය කඩිනමින් කටයුතු කර සිරිල් ගාමිණී පියතුමාට ඇප ලබාදීම පිළිබඳව ඔහු බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතාට ස්තූතිය පළකර ඇතැයි මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා කියයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (21) පැවැති මාධ්‍ය හමුවකදීය.

පසුගිය දිනකදී කොටහේන ප්‍රදේශයේ රිය අනතුරක් සිදුවී තිබෙන බවත්, මෝටර් රථයක් යතුරු පැදියක ගැටීමෙන් එහි ගමන්ගත් පුද්ගලයාට තුවාල සිදුවීම නිසා මෝටර් රථය පැදවූ සිරිල් ගාමිණී පියතුමා පොලිස් භාරයට ගත් බවද ඇමැතිවරයා කීවේය.

මෙහිදී, කාදිනල්තුමා ළඟ සිටි පුද්ගලයෙකු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දුරකථන ඇමතුමක් ලබාදී සිරිල් ගාමිණී පියතුමා පොලිස් භාරයට ගැනීම පිළිබඳ සොයා බලන ලෙස ඉල්ලා ඇතැයිද ඇමැතිවරයා කීවේය.

පොලිසිය සිරිල් ගාමිණී පියතුමාට පොලිස් ඇප දීමෙන් පසු ඔහු බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ස්තූතිය පළකර ඇතැයිද ඇමැතිවරයා පැවසීය.

වැඩ බලන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් පත්කිරීම පිළිබඳ කාදිනල් හිමි එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විමසූ අවස්ථාවේදී ඇමැතිවරයා මේ බව පැවසීය.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරද්දී දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ගැලනිගම ප්‍රදේශයේදී ලොරියක් නිදහස් කිරීම පිළිබඳ සිරිල් ගාමිණී පියතුමා මෙම මාධ්‍ය හමුවේදී චෝදනා කර තිබෙන බවද ඇමැතිවරයා කීවේය.

චීනයෙන් ආනයනය කරන ලද මාළු රැගෙන ගිය මෙම ලොරිය රේගුව විසින් නිදහස් කර ඇත්තේ අදාළ සියලු ලේඛන තිබීම නිසා බවත්, එම ලොරිය හොරණ නිරෝධායන මධ්‍යස්ථානයකට රැගෙන යද්දී පොලිසිය නතර කර පරීක්ෂා කර තිබෙන බවත් ඇමැතිවරයා කීවේය. 

මෙම ලොරියේ පණ තිබෙන මාළු සිටින බැවින්, එහි ඔක්සිජන් අවසන් වීමට පෙර ලොරිය පරීක්ෂාකර නිදහස් කරන ලෙස ලොරියේ අයිතිකරුවන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබූ බවද ඔහු කීවේය. 

ඒ අනුව, පරීක්ෂණ කඩිනමින් අවසන් කර මාළු ලොරිය නිදහස් කර ඇතැයිද මෙවැනි ඉල්ලීම් ඕනෑම අයකු විසින් සිදුකරන බවද ඔහු පැවසීය

පුවත්

චමල් රාජපක්ෂ අත්අඩංගුවට!

Published

on

By

හිටපු කථානායකවරයකු මෙන්ම මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ රජයයන් සමයේ හිටපු ප්‍රබල ඇමැතිවරයකුද වූ චමල් රාජපක්ෂ මහතා ඉදිරි දින කිහිපය තුළ අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ.

ඒ 2022 වසරේ මැයි මස 9 වැනිදා අරගලයේදී තිස්සමහාරාමයේ මාගම පිහිටි තම නිවෙස ඇතුළු දේපළට ගිනි තබා විනාශ කළ බවට ව්‍යාජ තොරතුරු ලබා දී රජයෙන් රුපියල් එක්කෝටි පනස්ලක්ෂ විසි දෙදහස් හයසීයක මුදලක් වංචනිකව ලබා ගැනීමේ චෝදනාව යටතේ බව පැවසේ.

මේ සම්බන්ධ විමර්ශන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරනු ලබන බවද පැවසේ.

තිස්සමහාරාමයේ මාගම පිහිටි එම දේපළ චමල් රාජපක්ෂට අයත් නොවන්නක් බවත්, එය වෙනත් අයකු නමින් ඇති බවත් මේ වන විට අනාවරණය වී ඇති අතර, එහි කිසිදු නිවෙසක් නොතිබූ බවත් එහි වී ගබඩාවක් පමණක් තිබී ඇති බවත් හෙළිව ඇත.

අදාළ දේපළ තමන් භුක්තිවිඳින බවට චමල් රාජපක්ෂ දිවුරුම් පෙත්සමක් දී ඇති අතර, පසුව කළ විමර්ශනයේදී එහි වී ගබඩාවක් පමණක් තිබුණු බව අනාවරණය වී ඇත.

අදාළ දේපළ චමල් රාජපක්ෂට අයත් නොවන්නක් බව හෙළි වීමෙන් පසු, 2023.7.27 දිනැතිව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන්.ආර්. අසෝක මහතාගේ අත්සනින් යුතුව එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාර්ලිමේන්තු කටයුතු අංශ) ආර්.එම්.එන්.ඊ.කේ. රණසිංහ මහතා විසින් අදාළ ගෙවීම් තම විෂයපථය යටතේ කළ නොහැකි බව හානි පූරණය සඳහා වන කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් වෙත දන්වා තිබේ.

කෙසේ වෙතත් 2023.07.20 දිනැතිව තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරුකරුවකු විසින් එහි නිවෙසක් තිබී ඇති බවත් එහි වටිනාකම රුපියල් 1,48,00,000ක් බවත් දැක්වෙන තක්සේරු වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව වී ගබඩාවේ හානිය වන රු. 222,600ක් හා නොතිබූ නිවෙසක් වෙනුවෙන් රු. 1,48,00,000ක් වශයෙන් රු. එක්කෝටි පනස්ලක්ෂ විසිදෙදහස් හයසීයක මුදලක් රජයෙන් ලබාගෙන ඇත.

මෙම මුදල් ගෙවීම සම්බන්ධයෙන් නීතියට හා චක්‍රලේඛයන්ට පටහැණිව කටයුතු කළ රජයේ නිලධාරීන්ට එරෙහිවද ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව පැවසේ.

මූලාශ්‍රය – සිළුමිණ

Continue Reading

පුවත්

දැක්කොත් පොලිසියට කියන්න

Published

on

By

කොළඹ අපරාධ කොට්ඨාශය මෙහෙයවන විමර්ශනයක සැකකරුවකු සොයාගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා ඇත.

පොලිසිය විසින් ඔහුගේ ඡායාරූප කිහිපයක් නිකුත් කර ඇති අතර කිසියම් තොරතුරක් ඇත්නම් පහත සඳහන් පොලිස් ඒකක වෙත දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

සහකාර පොලිස් අධිකාරී – කොළඹ අපරාධ කොට්ඨාශය – 0718591807

ස්ථානාධිපති – කොළඹ අපරාධ කොට්ඨාශය – 071-8591735

ස්ථානාධිපති – 4 වන ඒකකය – කොළඹ අපරාධ කොට්ඨාශය – 071-8596506

Continue Reading

පුවත්

හජ් අදයි

Published

on

By

මෙරට ඉස්ලාමීය බැතිමතුන් මහත් හරසරින් සමරන හජ් උත්සවය අදට (07) යෙදී තිබේ.

ඉස්ලාමීය මාස ක්‍රමය අනුව දුල් හජ් මස දස වැනි දිනයේදී පවත්වන උත්සවය මෙම නමින් හැඳින්වෙයි.

ඉස්ලාමීය බැතිමතුන් අනිවාර්යයෙන්ම ඉටුකළ යුතු ප්‍රධාන වගකීම් පහ අතරින් අවසන් වගකීම හජ් වන්දනාව වෙයි.

ඇති නැති පරතරය සහ විවිධ භේද දුරලා සමානාත්මතාව, සහෝදරත්වය ඇති කිරීම හජ් උත්සවයේ ප්‍රධාන අරමුණය.

සෞදි අරාබියේ මක්කම පැවැත්වෙන හජ් වන්දනාව හජ් උත්සවයේ උත්කර්ෂවත් අවස්ථාව ලෙස සැලකෙයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved