පුවත්

ෆාමසිවල ජීවනී නැහැ: මාසෙකින් ඇවිත් නැහැ

Published

on

ඩෙංගු රෝගීන් සඳහා භාවිතයට නිර්දේශ කරනු ලබන ශක්ති ජනක පානයක් වන ජීවනි දිවයිනපුරා ඇති පෞද්ගලික ඔසුසැල්වල නොමැති බව වාර්තා වේ.

මේ අතර, දැනට මසක පමණ කාලයක සිට ඔසුසැල් සඳහා ජීවනි නොලැබෙන බව පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගංකන්ද මහතා කියා සිටී.

පසුගිය කාලයේ රජයේ රෝහල්වලද ජීවනි පානයේ හිඟයක් පැවති බවත්, ඊට හේතුව වී ඇත්තේ ජීවනි දේශීයව නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමේ ගැටලුවක් බවත් වාර්තා වේ.

කෙසේවුවද, අදාළ තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගය වැළදීම හේතුවෙන් නිවෙස්වල ප්‍රතිකාර ලබන රෝගීන් විශාල අපහසුතාවකට ලක්ව ඇතැයි පැවසේ.

Trending

Exit mobile version