පුවත්

“ෆේස්බුක්, වට්ස්ඇප්වල කාලෙ කෑවොත් පියවර ගන්නවා’’

Published

on

රාජකාරි කටයුතු කරන අවස්ථාවේදී අත්‍යවශ්‍යම කාරණයකට හැරෙන්නට ෆේස්බුක්, වට්ස්ඇප්  වැනි සමාජ මාධ්‍යවල කාලය ගත කිරීමෙන් වලකින්නැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නව ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා පැවසීය.

රාජ්‍ය සේවකයාගේ කාර්යභාරය සේවයට වාර්තා කිරීම, වැඩ නිමකිරීම සහ වැටුප ගැනීම පමණක් නොවන බවද හෙතෙම සඳහන් කළේය.

හපුහින්න මහතා මෙසේ පැවැසුවේ එම  අමාත්‍යාංශයේ අද (2) පෙරවරුවේ වැඩ බාර ගැනීමෙන් අනතුරුව  ප්‍රකාශයක් කරමිනි.

ගන්නා වැටුපට සාධාරණයක් ඉටුකරන ලෙස සමස්ත රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලීමක් කරන බව පැවසූ නීල් බණ්ඩාර හපුහින්න මහතා  ජනතාවට රාජ්‍ය ආයතනවල රස්තියාදුවීමට කිසිසේත්ම ඉඩකඩ  නොසැලසිය යුතු බවද  ප්‍රකාශ කළේය.

පුද්ගලියක අංශයේ ඇතැම් ආයතනවල කාර්යාල වේලාව තුළ ජංගම දුරකථන තබාගැනීමට නොදෙන බවත්, අවශ්‍ය වුවහොත් එවැනි පියවරක් ගැනීමට නොහැකිකමක් නැති නිසා මෙය ඒ මට්ටමට ගෙනයාම නොකළ යුතු බවත් හෙතෙම කීවේය.

රාජ්‍ය සේවය යනු ජනතාවට උපරිමයෙන් සේවය සැලසීම බව ඔහු වැඩිදුරටත් පැවසීය.

(ලංකාදීප)

Trending

Exit mobile version