පුවත්

ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් හි දරුණු අනතුරක් 5ක් මරුට (Update)

Published

on

දියතලාව නරියාකන්ද ධාවන පථයේ අද (21) පැවැති ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරගාවලියේදී මෝටර් රථයක් ධාවන පථයෙන් පිටතට පැන සිදුවූ දරුණු අනතුරෙන් පස්දෙනෙකු මරුමුවට පත්ව 21 දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා කියයි.

දියතලාව යුද හමුදා විද්‍යා පීඨය හා ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමය මගින් මෙය සංවිධානය කළ අතර, ඒෂියන් පේන්ට්ස් සමාගම මෙහි ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කළේය.

Last Update 24-04-2024 ( 3:20 pm)

ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් හි අනතුරක්

දියතලාව යුද හමුදා විද්‍යා පීඨය, ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමය මගින් සංවිධානය කරන ලද අද (21) දියතලාව නරියාකන්ද ධාවන පථයේ පැවැති ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරගාවලියේදී දරුණු අනතුරක් සිදුව තිබේ.

සිද්ධියෙන් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තාවන අතර සිද්ධියෙන් ජීවිත අනතුරු වී ඇති බවට නිල තොරතුරක් මෙතෙක් වාර්තා වී නොමැත.

Trending

Exit mobile version