පුවත්

ෆොන්සේකාව සජබෙන් වහාම ඉවත් කරන්නැයි ඉල්ලීමක්

Published

on

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සමඟි ජන බලවේගයෙන් ඉවත් කරන ලෙස එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායකවරුන් ඉල්ලීමක් කර තිබේ.

සමඟි ජන බලවේගයේ වත්තල සංවිධායක නියෝමාල් පෙරේරා මහතා පවසා ඇත්තේ සරත් ෆොන්සේකා මහතා පක්ෂයෙන් ඉවත් කරන ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම සංවිධායකවරුන් විසින් පක්ෂයේ මහලේකම්වරයාගෙන් ඒකමතිකව ඉල්ලීමක් කර ඇති බවය.

සරත් ෆොන්සේකා මහතාට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම වළකාලමින් අධිකරණය නිකුත් කළ අත්හිටුවීමේ නියෝගයට ගරු කරන නමුත් ඔහුට තවදුරටත් පක්ෂයේ රැඳී සිටීමට ඉඩ නොතැබිය යුතු බවට තීරණය කර ඇති බව ඔහු තවදුරටත් පවසා තිබේ.

Trending

Exit mobile version