ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර මෙරට ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයට නව සභාපතිවරයකු පත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.
එයට පෙර වත්මන් සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එම තනතුරින් ඉවත් කෙරෙනු ඇතැයි පැවසේ.
ස.ජ.බ නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පත්කෙරෙනු ඇතැයි වාර්තා වේ.
ඒ අතර ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සංවිධායක පදවිය දරන කැලණිය ආසන සංවිධායක පදවියෙන්ද ඔහු ඉවත් කෙරෙනු කිරීමට නියමිත බව පැවසේ.
කැලණිය නව ස.ජ.බ සංවිධායකවරයා ලෙස මෑතකදී ස.ජ.බ.ට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මහතා පත් කිරීමට ද නියමිත බව වාර්තා වේ.
(දේශය)