ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොන්ත්‍රාත්තුවකට අනුව බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා කියයි.
ඒ මහතා කියා සිටියේ ඉදිරියේදී එම කොන්ත්‍රාත්තුවට අනුව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රහාර එල්ල කිරීමට ෆොන්සේකා කටයුතු කරනු ඇති බවයි.
ජනපතිවරණවලට සිද්ධාලේප මුදලාලිත් ඡන්දය ඉල්ලූ බවත්, මෙවර ජනපතිවරණයට ඉදිරිපත්ව සිටින්නේ එක අපේක්ෂකයකු බවත්, ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පමණක් බවත් පවසන මරික්කාර් මහතා, ජනපතිවරණයට තවත් තරගකරුවන් ලෙස නාමල් රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ හා අනුරකුමාර දිසානායක යම් තරගයක් දෙනු ඇතැයි ද කියා සිටී.