Connect with us

පුවත්

10 වැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු තෝරන්න සියල්ල සූදානම්

Published

on

දස වැනි පාර්ලිමේන්තුව සඳහා සභිකයන් තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම අද (14) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421 කදී සිදු කිරීමට නියමිය.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා 2024 ඡන්ද හිමි නාමලේඛනය අනුව ඡන්දදායකයින් එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ හතලිස් දහස් තුන්සිය පනස්හතර දෙනෙකු (17,140,354) සුදුසුකම් ලබා සිටිති. 

නිවාස 6,476,670 ක පදිංචිව සිටින ඡන්දදායකයින් මෙවර ඡන්දය සළකුණු කරති.

මැතිවරණ කොමිෂන් සභාවේ දේශපාලන පක්ෂ 83 ක් ලියාපදිංචි අතර, ඉන් දේශපාලන පක්ෂ 49 ක් මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කරයි.

මේ අනුව, දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා අපේක්ෂකයින් 8,361 ක් නාමයෝජනා බාරදුන් අතර, ජාතික ලැයිස්තුව මගින් නාමයෝජනා භාරදී ඇති අපේක්ෂකයින් සංඛ්‍යාව 527 කි.මේ අනුව, සමස්ත අපේක්ෂකයින් සංඛ්‍යාව 8,888 කි.

දස වැනි පාර්ලිමේන්තුව සඳහා මහජනතාවගේ ඡන්දයෙන් සභිකයින් 196 දෙනකුද, ජාතික ලැයිස්තුව මගින් සභිකයින් 29 දෙනකුද තෝරා පත්කර ගැනීමට නියමිතය.

මෙවර මැතිවරණයේදී ඡන්දදායිකාවන් සඳහා පමණක් වෙන්වූ ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව 107 කි. 

සමස්ත ඡන්ද මධ්‍යස්ථාන 13,421 අතුරින් 6,147 ක් තනි පෝලිමකින්ද, 7,274 ක් පෝලිම් දෙකකින්ද යුතු බව මැතිවරණ කොමිෂන් සභාව කියයි.

මෙවර මැතිවරණයේ විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයාගේ වම් අතෙහි දබර ඇඟිල්ල සලකුණු කිරීමය. ඉකුත් ජනාධිපතිවරණයේදී සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී සුළැඟිල්ල සහ මහපට ඇගිල්ල සලකුණු කිරීම හේතුවෙන් මෙවර වම් අතෙහි දබර ඇඟිල්ල සළකුණු කෙරෙන බවද කොමිසම සඳහන් කරයි.

ඡන්දපොලට ඇතුළුවන දොරටුවේ සිට මීටර් භාගයක දුර ප්‍රමාණයක් ඇතුළතදී කිසිම තැනැත්තෙකු විසින් ඡන්දය ආයාචනා කිරීම, යම් ඡන්ද හිමියෙකුගෙන් ඡන්දය ඉල්ලීම,යම් අපේක්ෂකයෙකුට ඡන්දය නොදෙන ලෙස යම් ඡන්ද හිමියෙකු පෙළැඹවීම, අත් පත්‍රිකා, දැන්වීම්, යම් අපේක්ෂකයෙකුට වෙන්කර ඇති යම් ලකුණක් බෙදාදීම,ප්‍රදර්ශනය මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

මැතිවරණයේ ඡන්දය විමසීමේ කටයුතු පස්වරු 4.00ට අවසන් වීමෙන් පසු තැපැල් ඡන්දය ගණන් කිරීමේ කටයුතු පස්වරු 4.15 ට පමණ ආරම්භ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු යොදා ඇත. අනෙකුත් ඡන්ද ගණන් කිරීමේ කටයුතු රාත්‍රී 7.15 ට පමණ ආරම්භ කරන බවද එම කොමිසම සඳහන් කරයි.

මැතිවරණ කොට්ඨාස 22 හි ගණන් කිරීමේ මධ්‍යස්ථාන 54 කදී ඡන්දය ගණන් කිරීමේ කටයුතු සිදු කෙරෙන අතර, ගණන් කිරීමේ ශාලා සම්පූර්ණ සංඛ්‍යාව 1,582 කි. 

මෙම ශාලා අතුරින් 452 කදී තැපැල් ඡන්දය ගණන් කිරීමේ කටයුතු සිදු කෙරෙන අතර,සාමාන්‍ය ඡන්ද ගණන් කිරීමේ ශාලා සංඛ්‍යාව 1,582 කි. ඡන්දය ගණන් කිරීමේ කටයුතු සඳහා නිලධාරීන් 80,000 ක් යොදවා තිබේ.

පාර්ලිමේන්තු මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය රාත්‍රී 12.00 ට පෙර නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද එම කොමිසම කියයි.

මූලාශ්‍රය – අරුණ

පුවත්

හිටපු මෝටර් රථ කොමසාරිස් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

Published

on

By

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වූ නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ඇතුළු තිදෙනෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා රේගුවේ නිශ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ආකාරයෙක් ලියාපදිංචි වූ වාහන සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයක් යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ ටොයොටා වර්ගයේ ජීප් රථයකට අදාළ අංක තහඩුව නිකුත් කිරීමට අනුමැතිය ලබා දීම සම්බන්ධව ඔහු සහ ඊට අදාළව අනීතිකව දත්ත ඇතුළත් කිරීමට අවස්ථාව සලසාදීම සහ අදාළ දත්ත ඇතුළත් කිරීම සම්බන්ධව එම දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂ, තොරතුරු තාක්ෂණ ප්‍රියන්ත බණ්ඩාර ඊරියගම සහ ලිපිකරුවෙකු වූ ධම්මික නිරෝශන් නැමැති තිදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවය.

අද (01) අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර සැකකරුවන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Continue Reading

පුවත්

අද සිට ක්‍රියාත්මක “රැකියා සඳහා විදේශ ගතවීමේදී බලපාන නීතිය”

Published

on

By

ස්වයං මාර්ගයෙන් කර්මාන්ත හා ආයතනික අංශයේ රැකියා සඳහා විදේශ ගතවීමේදී අදාළ ශ්‍රමිකයාගේ රැකියා ගිවිසුම අදාළ රටේ ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාලය මඟින් සහතික කිරීම අද සිට (01) ක්‍රියාත්මක කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ, පසුගිය ජූනි මස 07 සිට මෙය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබුණද, එය අද දක්වා කල් තැබුණු බවය.

නව සංශෝධනයට අනුව සෞදි අරාබිය, කුවේටය, බහරේනය, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමාන්, ඊශ්‍රායලය, ජෝර්දානය, ලෙබනනය, මාලදිවයින, මැලේසියාව, සිංගප්පූරුව හා දකුණු කොරියාව යන රටවල් 13 වෙත කර්මාන්ත හා ආයතනික අංශයේ රැකියා සඳහා ස්වයං මාර්ගයෙන් යොමුවීමේදී කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීම සඳහා තම සේවා ගිවිසුම එම රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල පිහිටි කම්කරු හා සුභසාධන අංශ මඟින් සහතික කරගත යුතු අතර, ඒ සඳහා ගාස්තුව වශයෙන් අමෙරිකානු ඩොලර් 60ක මුදලක් ගෙවිය යුතු වේ.

වෘත්තීය කාණ්ඩයේ රැකියා සඳහා නව සේවා ගිවිසුමක් සහිතව ස්වයං මාර්ගයෙන් විදේශ ගතවන වෘත්තිකයින් හට, කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීමේදී ඔවුන්ගේ වෘත්තියභාවය සඳහන් විදේශ ගමන් බලපත්‍රය හෝ අදාළ රැකියාවේ වෘත්තීයභාවය සනාථ කළ හැකි ලියවිලි ඉදිරිපත් කිරීමට හැකි නම්, රැකියා ගිවිසුම ශ්‍රි ලංකා දූත මණ්ඩල කාර්යාලය මඟින් සහතික කරගැනීම අවශ්‍ය නොවේ.

පසුගිය සමයේ මිනිස් ජාවාරම් හේතුවෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විදේශ රටවලදී විවිධ අපහසුතාවයන්ට ලක්වූ අතර, එම ගැටලුවලට පිළියමක් ලෙස ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සුරක්ෂිතව විදේශ රැකියා සඳහා යොමුකිරීම අරමුණු කරගනිමින් මෙම තීරණයට කාර්යාංශය එළැඹී තිබේ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

හර්ෂ ඉලුක්පිටිය වරද පිළිගනී

Published

on

By

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළව අධිකරණය විසින් නිකුත් කළ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි  චෝදනා ලබා සිටින ආගමන සහ විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා කොන්දේසි විරහිතව වරද පිළිගන්නා බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව ඔහුට දඬවම් නියම කිරීම මේ මස 24 වනදා සිදු කරන බවත් අධිකරණය නිවේදනය කළේය. 

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved