Connect with us

පුවත්

10 වෙනි පාර්ලිමේන්තුවේ බහුතර බලය ජාතික ජන බලවේගයට

Published

on

පාර්ලිමේන්තු මැතිවරණයේ සියලු දිස්ත්‍රික්කවල ප්‍රතිඵල නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 20කම බලය හිමිකර ගැනීමට සමත්ව ඇත්තේ ජාතික ජනබලවේගය යි.

එම ප්‍රතිඵලය අනූව 10 වෙනි පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිකර ගැනීමට ජාතික ජනබලවේගය සමත්ව තිබේ.

ඒ අනුව ජාතික ජනබලවේගය ආසන 141ක බලය හිමිකර ගැනීමට සමත්ව ඇත්තේ පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිකර ගැනීමට අවශ්‍ය වන ආසන සංඛ්‍යාව වන 113 ඉක්මවා යමිනි.

මහ මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵලවලට අනුව එම පක්ෂය ඡන්ද 6,863,186ක් හිමිකර ගෙන ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස  61.56%ක් වෙයි.

සමගි ජනබලවේගය ප්‍රතිඵල අනුව දෙවන ස්ථානයට පත්ව ඇත්තේ ආසන 35ක් ලබාගනිමිනි.

එම පක්ෂය ඡන්ද 1,968,716ක් ලබාගෙන ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස  17.66&කි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඡන්ද 500,835ක් ලබාගෙන ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස  4.49%ක් වෙයි.

එම පක්ෂයට ආසන 3ක් හිමිව තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 350,429ක් හිමිකරගෙන ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස  3.14%කි.

එම පක්ෂය ආසන 2ක් හිමිකරගෙන තිබේ.

ඡන්ද 257,813ක් හිමිකර ගැනීමට ඉලංකෙයි තමිල් අරසු පක්ෂය සමත්ව ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස  2.31%කි.

එම පක්ෂයට හිමිව ඇති ආසන සංඛ්‍යාව 6කි.

ඊට අමතරව සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය, ඊ.පී.ඩී.පී පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා කම්කරු පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සංධානය, ස්වාධීන කණ්ඩායම් 17 යන පක්ෂ මන්ත්‍රී ධුර එක බැගින් හිමිකරගෙන තිබේ.

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading

පුවත්

IMF ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට විධායක මණ්ඩලයේ අනුමැතිය

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ (01) දින සම්පූර්ණ කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට වි.ගැ.හි. මිලියන 254ක්, එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 350ක් පමණ වෙනුවෙන් ප්‍රවේශය හිමිවන අතර මේ දක්වා මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ලබා දී ඇති මුළු මූල්‍යාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 1.74ක් දක්වා ඉහළ යනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා විසින් මේ බව නිවේදනය කර සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved