Connect with us

පුවත්

121,000 කට බදු අඩු කර, ඉතිරිකිරීමේ ගිණුම් ලක්ෂ 161 කට රැදවුම් බදු වැඩි කරලා

Published

on

ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කර ඇති බදු සංශෝධන මගින් උපයන විට ගෙවීමේ බද්ද (PayE tax) ගෙවූ 121,000 කට සහන ලබා දී, ස්ථීර සහ ඉතිරිකිරීමේ ගිණුම් ලක්ෂ 161 කට බලපාන පරිදි රැදවුම් බද්ද 5% කින් ඉහත දමා ඇස්බැන්දුමකින් රටම රවටා ඇතැයි මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය චෝදනා කරයි.

මැතිවරණ සමයේ දී රට රවටමින් උපයන විට ගෙවීමේ බදු සීමාව රුපියල් ලක්ෂ දෙකක් කරන බව පැවසූ අනුර කුමාර දිසානායක මහතා පසුගියදා එය රු. 150,000 ක් කරන බව නිවේදනය කළ බවද ඇය කියා සිටී.

අදාළ බද්ද ගෙවන පුද්ගලයින් 121,000 කට එමගින් වාසියක් සැලැසෙන බවද ඇය පෙන්වා දෙයි.

ඒ සමඟම රජය දැනට 5% ක් වන රැදවුම් බද්ද 10% දක්වා වැඩි කර ඇති අතර ලංකාවේ ඉතිරිකිරීමේ ගිණුම් ලක්ෂ 161 ක් පවතින අතර එයින් ගිණුම් ලක්ෂ 50 ක් මාසික ක්‍රියාකාරී මට්ටමේ පවතින බවද ඇය කියයි.

මේ සියළුම ගිණුම් සඳහා ලැබෙන පොලිය 5% ක බදු වැඩිවීමට යටත් කොට ඇතැයි ඇය පෙන්වා දෙයි.

වත්මන් අර්බුදය හමුවේ මෙරට ආර්ථිකය දිගින් දිගටම හැකිලෙමින් තිබෙන බවත්, සමාජයේ පහළ මැද පන්තිය සිය දෛනික අවශ්‍යතාවයන් සපුරා ගැනීමට නොහැකිව ලත වෙමින් සිටින බවද ඇය කියන්නීය.

එසේ තිබිය දී, රටේ පහළම ආදායම ලබන පිරිසක් ද ඇතුළත් වන ලක්ෂ 161 ක් වන සියළුම ඉතිරි කිරීමේ ගිණුම් හිමියන්ට අතිරේක බදු බරක් පැණවීම කිසි ලෙසකින් හෝ අනුමත කළ නොහැකි බව අය කියා සිටී.

මාසිකව හෝ අර්ධ වාර්ෂිකව තැම්පත් පොලිය ආහාර, බෙහෙත් ඇතුළු දෛනික අවශ්‍යතාවයන් සඳහා ලබා ගන්නා ලක්ෂ 50 කට ආසන්න පිරිසකට රැඳවුම් බදු බර පැටවීම සහාසික ක්‍රියාවක් යැයි ඇය චෝදනා කරයි.

උපයන විට බදු…..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවය මත උපයන විට බදු අයකෙරෙන අවම සීමාව මසකට රුපියල් 100,000 සිට රුපියල් 150,000 දක්වා  මේ වන විට ඉහල නංවා  තිබේ.

ඒ අනුව රුපියල් 150,000ක මාසික වැටුපක් හිමි අයෙක් උපයන විට බද්දෙන් 100%කින් නිදහස් වෙයි.

රුපියල් 150,000ක වැටුපක් ලබන පුද්ගලයෙකු මීට පෙර උපයන විට බදු ලෙස රුපියල් 3,500 ගෙවා තිබූ අතර නව සංශෝධනය අනුව උපයන විට බදු ගෙවිය යුතු වන්නේ නැත.

රුපියල් 200,000ක වැටුපක් හිමි පුද්ගලයෙකු මීට පෙර උපයන විට බදු ලෙස රුපියල් 10,500ක් ගෙවා තිබූ අතර නව සංශෝධනය අනුව ගෙවිය යුතු වන්නේ රුපියල් 3,000ක මුදලකි.

රුපියල් 300,000ක වැටුපක් හිමි පුද්ගලයෙක් රුපියල් 35,000ක් උපයන විට බදු ලෙස ගෙවා තිබූ අතර නව සංශෝධනය අනුව ගෙවිය යුතු මුදල රුපියල් 18,500 දක්වා අඩුවෙයි.

එමෙන්ම රුපියල් 500,000ක වැටුපක් හිමි පුද්ගලයෙක් උපයන විට බදු ලෙස රුපියල් 106,500ක් ගෙවා තිබූ අතර නව සංශෝධනය මගින් ගෙවීමට නියමිතව ඇත්තේ රුපියල් 86,000ක් පමණි.

පුවත්

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය ගැන ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Published

on

By

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමේ වගකීම ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්, විද්වතුන් හා මාධ්‍ය සංවිධාන වෙත පැවරෙන බව ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඊට පහසුකම් සැලසීම පමණක් ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

Continue Reading

පුවත්

ශ්‍රී ලංකාව BRICS වලට උනන්දුවක් තියෙනවද? මට නම් දැනෙන්නෙ නැහැ – රුසියානු තානාපති

Published

on

By

BRICS සම්මුතිය සමග එක්වීමට උනන්දුවක් දක්වන්නේ නම් රටක් ලෙස ශ්‍රී ලංකාව ඊට ප්‍රායෝගිකව පියවර ගත යුතු බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් මහතා පවසයි.

කොළඹදී ඊයේ පැවති විශේෂ සමුළුවක ප්‍රශ්නෝත්තර වටයේදී ඔහු මේ බව කියා සිටියේය.

“ජාත්‍යන්තර නීතීය තුළ බලය යෙදවීම රුසියානු කෝණයෙන්” යන විශේෂ සම්මන්ත්‍රණයක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේදී ඊයේ පැවැත්වුණි.

එහිදී  මාධ්‍යවේදීයෙකු විසින් ශ්‍රී ලංකාව BRICS සමග සම්බන්ධ වෙන්නේ කවදාදැයි විමසා සිටියේය.

ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති ලෙවාන් ජගර්යාන් මහතා – “මේ ප්‍රශ්නය මගෙන් කිහිප සැරයක්ම අහලා තියෙනවා.මම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ 01 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවෙන්න ගියා රුසියානු ජනාධිපතිතුමාගේ ආරාධනා පත්‍රයකුත් අරගෙන BRICS සමුළුවට සහභාගී වෙන්න කියලා. මම භාෂා පරිවර්තක සමඟ තමයි කතා කළේ. මම දන්නේ නෑ එයා හරියට පරිවර්තනය කළාද කියලා.ජනාධිපතිවරයා මට කිව්වා මහ මැතිවරණය පැවැත්වෙන නිසා ඔහුට රුසියාවට එන්න වෙන්නේ නැහැ කියලා. BRICS සමඟ සම්බන්ධ වෙනවා නම් රුසියාවෙන් විතරක් නෙවෙයි සාමාජික රටවල් සියලුදෙනාගේ සම්මුතියක් තියෙන්න ඕනේ සහ ඒකට පියවර ගණනාවක් තියෙනවා.”

“රුසියාව,චීනය ශ්‍රී ලංකාවට සහයෝගය දෙනවා නමුත් ඒක කරන්න ඉතින් ඔබගේ පැත්තෙනුත් උනන්දුවක් තියෙන්නේ ඕනේ.එහෙම උනන්දුවක් තියෙනවාද? මට නම් දැනෙන්නේ නැහැ.කරුණාකරලා ප්‍රායෝගික පියවර ටිකක් ගන්න. තව දෙයක් ෂැංහයි සහයෝගිතා සංවිධානය ගැනත් ටිකක් අවධානය දෙන්න කියලා ඔබේ රටට කියනවා.”

මාධ්‍යවේදියා – වසර 3ක පමණ සිට යුක්‍රේනයේ කලාප කිහිපයක රුසියාව සිය අණසක පැතිරවූවා. ඒ කලාපවල අනාගතය කුමක්ද?

“ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති – රුසියානු ව්‍යවස්ථාවට අනුව ඩොනෙස්ක්,ලොහාන්ස්ක්,කර්ෂෝන් සහ සපොරෂියා කලාපය අයිති වෙන්නේ රුසියාවට. යුක්‍රේන හමුදාව සමහර තැන්වල ඉන්නවා ඒ අය ඉවත්විය යුතුයි. ඒ කලාප පිළිබඳ අපි සාකච්ඡා කරන්නේ නැහැ, විශේෂයෙන් ඒවා යළි ලබාදීම පිළිබඳව සාකච්ඡා කරන්නේ නැහැ.”

මූලාශ්‍රය  – අද දෙරණ

Continue Reading

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved