Connect with us

පුවත්

13දා මධ්‍යම පළාතේ සියළු ද්‍රවිඩ පාසල් වලට නිවාඩු

Published

on

එළැඹෙන නොවැම්බර් මස 12 දිනට යෙදෙන දීපවාලි උත්සවය නිමිත්තෙන් මෙම මස 13 වන දින මධ්‍යම පළාතේ සියළුම ද්‍රවිඩ පාසල් වලට නිවාඩු ලබාදෙන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු. ගමගේ මහතා විසින් මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මේනක හේරත් මහතා වෙත උපදෙස් ලබාදී තිබේ.

මේ මස 12 දින දීපවාලි උත්සවය සමරන බැවින් ඊට පසු දින පාසල් වලට ගුරුවරුන් සහ සිසු සිසුවියන් නොපැමිණීම හේතුවෙන් ආණ්ඩුකාරවරයාගෙන් මෙලෙස ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

එලෙස 13දා ලබාදෙන නිවාඩුව වෙනුවට සති අන්තයේ නිවාඩු දිනයක ඒ වෙනුවෙන් පාසල් පැවැත්විය යුතු බවද ආණ්ඩුකාරවරයා විසින් උපදෙස් ලබා දී ඇත. 

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ (සජීවි විකාශය)

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

එහි සජීවි විකාශය පහතින් දැක්වේ

Continue Reading

පුවත්

මත්තල ගුවන්තොටුපොළේ ආරක්ෂිත වැටට අලින්ගෙන් හානි

Published

on

By

මත්තල රාජපක්‍ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වටා ඉදිකර ඇති ආරක්‍ෂිත වැට සම්බන්ධව පවත්නා ගැටලු සාකච්ඡා කිරීම සඳහා ආරක්‍ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පවත්වා තිබේ.

එම රැස්වීම ඊයේ (17) ආරක්ෂක අමාත්‍යාංශයේ දී පවත්වා ඇති අතර, එහිදී මූලික වශයෙන් අවධානය යොමු කර ඇත්තේ, වනඅලින්ගෙන් ගුවන්තොටුපොළ ආරක්‍ෂිත වැටට නිරන්තරයෙන් සිදුවන හානි සහ එම හානි වළක්වා ගැනීමට ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙනි.

ගුවන්තොටුපොළ මෙහෙයුම් සහ මහජන ආරක්‍ෂාව යන දෙයංශයටම ඇති විය හැකි තර්ජනය හඳුනා ගනිමින්, ආරක්‍ෂක ලේකම්වරයා ත්‍රිවිධ හමුදාව ඇතුළු අදාළ සියලුම පාර්ශ්වකරුවන්ට ගැටලු විසඳලීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස ආරක්‍ෂක ලේකම්වරයා උපදෙස් ලබා දී තිබේ.

තවදුරටත්, ආරක්‍ෂිත වැටට සිදුව ඇති හානි කඩිනමින් අලුත්වැඩියා කිරීමටත්, අනාගත එවැනි සිදුවීම් වළක්වා ගැනීම සඳහා දිගුකාලීන තිරසාර විසඳුම් සකස් කිරීමේ ඇති වැදගත්කම ද ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කළේය.

මෙම සාකච්ඡා සඳහා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) පුද්ගලික සමාගම සමඟ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගී වී සිටියහ.

මෙම සියලු පාර්ශවයන් ආරක්‍ෂිත වැට ශක්තිමත් කිරීම කෙරෙහිත් වන සතුන් ප්‍රදේශයේ ගමන් කරන ආකාරය ගැන සලකා බලමින් වැටෙහි ව්‍යුහාත්මක අඛණ්ඩතාව වැඩිදියුණු කිරීම කෙරෙහිත් මෙහිදී අවධානය යොමු කර තිබේ.

ස්වභාවික වාසස්ථානවලට බාධා නොකර ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ආරක්‍ෂාව සහතික කිරීම සඳහා සම්බන්ධීකරණ සහ ක්‍රියාශීලී ප්‍රවේශයක අවශ්‍යතාවය ආරක්‍ෂක ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇති අතර,  විසඳුම් කාලෝචිත ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා සම්බන්ධ වන සියලුම ආයතන අතර අඛණ්ඩ සන්නිවේදනයක් පවත්වා ගැනීමේ ඇති වැදගත්කම ද ඔහු අවධාරණය කළේය.

Continue Reading

පුවත්

වැඩි මිලට විකිණූ විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු තිදෙනා රිමාන්ඩ්

Published

on

By

තුන්වන පාර්ශ්වයක් හරහා වැඩි මිලට ඖෂධ අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් තුන්දෙනා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්න, රෝහලේ කළමණාකාර සහකාරවරයෙක් වශයෙන් සේවය කල කැකුලන්දල ලියනගේ ඉන්දික සහ වෛද්‍යවරිය විසින් අනීතිකව පවත්වාගෙන ගිය පුද්ගලික ආයතනයේ සේවය කල මුතුකුඩ ආරච්චිගේ නිමල් රංජිත් මුතුකුඩ යන තිදෙනා ඊයේ (17) අල්ලස් කොමිසම විසින්  අත්අඩංගුවට   ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඊයේ (17) රාත්‍රියේ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා හමුවට ඉදිරිපත් කර තිබුණි.

අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා ඇත.

එම ඉල්ලීම පිළිගත් මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියම කළේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved