එළැඹෙන නොවැම්බර් මස 12 දිනට යෙදෙන දීපවාලි උත්සවය නිමිත්තෙන් මෙම මස 13 වන දින මධ්‍යම පළාතේ සියළුම ද්‍රවිඩ පාසල් වලට නිවාඩු ලබාදෙන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු. ගමගේ මහතා විසින් මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මේනක හේරත් මහතා වෙත උපදෙස් ලබාදී තිබේ.
මේ මස 12 දින දීපවාලි උත්සවය සමරන බැවින් ඊට පසු දින පාසල් වලට ගුරුවරුන් සහ සිසු සිසුවියන් නොපැමිණීම හේතුවෙන් ආණ්ඩුකාරවරයාගෙන් මෙලෙස ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.
එලෙස 13දා ලබාදෙන නිවාඩුව වෙනුවට සති අන්තයේ නිවාඩු දිනයක ඒ වෙනුවෙන් පාසල් පැවැත්විය යුතු බවද ආණ්ඩුකාරවරයා විසින් උපදෙස් ලබා දී ඇත.