දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමේදී පොලිස් හා ඉඩම් බලතල ඇතුළු අනුශාංගික බලතල කිහිපයක් පළාත් සභාවලට පැවරීම සිදුවන බවත්, එය මෙරට රාජ්‍ය ආරක්ෂාවට සහ සංවර්ධනයට ප්‍රබල තර්ජනයක් බව කියමින් කොළඹ, ධර්මායතනයාධිපති ඇල්ලේ ගුණවංශ,දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ ලේකම් බෙංගමුවේ නාලක යන හිමිවරුන් ඇතුළු පිරිසක් ජනාධිපති, අගමැති සහ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට සංදේශයක් යොමුකර ඇත.
13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉන්දියාව විසින් බලහත්කාරයෙන් පටවන ලද්දක් බවත්,එය බලහත්කාරයෙන් මෙරට පාර්ලිමේන්තුව හරහා සම්මත කරවාගෙන තිබෙන්නේ ඉන්දියාවේ ආරක්ෂක හා ආර්ථික උපාය මාර්ගික සැලසුමක කොටසක් වශයෙන් බවද අදාළ සංදේශයේ සඳහන්කර තිබේ.
අද රට වැටී ඇති ආර්ථික ප්‍රපාතයෙන් ගොඩඒම සඳහා දේශීය ආදායම වැඩිකිරීමත්, රාජ්‍ය වියදම අඩු කිරීමත් සිදුකළයුතු බවත්, ජනාධිපති ඇතුළු කැබිනට් මණ්ඩලයේ කිසිවකු දේශීය නිෂ්පාදකයා ශක්තිමත් කිරීමට අවශ්‍ය උපායමාර්ගික සැලසුම් කිසිත් මේ දක්වා ඉදිරිපත් කර නොමැති බවත් එහි සඳහන්කර තිබේ.
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනමත විචාරණයකින් තොරව පූර්ණ වශයෙන් ක්‍රියාත්මක නොකරන ලෙසත්,දේශීය සම්පත් හා භූමිය විජාතිකයන්ට විකිණීම හෝ දීර්ඝකාලීනව බදුදීම වහා නතර කරන ලෙසත්, දේශපාලකයන් හා නිලධාරීන් පසුගිය වසර 15 පුරාවට සිදුකර ඇති දූෂණ හා බදු චංචා කිරීම් හරහා රටට නැතිවූ ධනය හා සම්පත් නැවත ලබාගැනීමට පියවර ගන්නා ලෙසත් අදාළ සංදේශයෙන් ඉල්ලීම් කර තිබේ.
අදාළ සම්පූර්ණ සංදේශය පහත දැක්වේ.
සබැඳි පුවත්
අරගලයේ හවුල් කරුවෝ CIA හා RAW – ඇල්ලේ ගුණවංශ හිමි