Connect with us

පුවත්

“13 ඉන්දීය වැඩක්, ක්‍රියාත්මක කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක්”

Published

on

දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමේදී පොලිස් හා ඉඩම් බලතල ඇතුළු අනුශාංගික බලතල කිහිපයක් පළාත් සභාවලට පැවරීම සිදුවන බවත්, එය මෙරට රාජ්‍ය ආරක්ෂාවට සහ සංවර්ධනයට ප්‍රබල තර්ජනයක් බව කියමින් කොළඹ, ධර්මායතනයාධිපති ඇල්ලේ ගුණවංශ,දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ ලේකම් බෙංගමුවේ නාලක යන හිමිවරුන් ඇතුළු පිරිසක් ජනාධිපති, අගමැති සහ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට සංදේශයක් යොමුකර ඇත.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉන්දියාව විසින් බලහත්කාරයෙන් පටවන ලද්දක් බවත්,එය බලහත්කාරයෙන් මෙරට පාර්ලිමේන්තුව හරහා සම්මත කරවාගෙන තිබෙන්නේ ඉන්දියාවේ ආරක්ෂක හා ආර්ථික උපාය මාර්ගික සැලසුමක කොටසක් වශයෙන් බවද අදාළ සංදේශයේ සඳහන්කර තිබේ.

අද රට වැටී ඇති ආර්ථික ප්‍රපාතයෙන් ගොඩඒම සඳහා දේශීය ආදායම වැඩිකිරීමත්, රාජ්‍ය වියදම අඩු කිරීමත් සිදුකළයුතු බවත්, ජනාධිපති ඇතුළු කැබිනට් මණ්ඩලයේ කිසිවකු දේශීය නිෂ්පාදකයා ශක්තිමත් කිරීමට අවශ්‍ය උපායමාර්ගික සැලසුම් කිසිත් මේ දක්වා ඉදිරිපත් කර නොමැති බවත් එහි සඳහන්කර තිබේ.

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනමත විචාරණයකින් තොරව පූර්ණ වශයෙන් ක්‍රියාත්මක නොකරන ලෙසත්,දේශීය සම්පත් හා භූමිය විජාතිකයන්ට විකිණීම හෝ දීර්ඝකාලීනව බදුදීම වහා නතර කරන ලෙසත්, දේශපාලකයන් හා නිලධාරීන් පසුගිය වසර 15 පුරාවට සිදුකර ඇති දූෂණ හා බදු චංචා කිරීම් හරහා රටට නැතිවූ ධනය හා සම්පත් නැවත ලබාගැනීමට පියවර ගන්නා ලෙසත් අදාළ සංදේශයෙන් ඉල්ලීම් කර තිබේ.

අදාළ සම්පූර්ණ සංදේශය පහත දැක්වේ.

සබැඳි පුවත්
අරගලයේ හවුල් කරුවෝ CIA හා RAW – ඇල්ලේ ගුණවංශ හිමි

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading

පුවත්

IMF ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට විධායක මණ්ඩලයේ අනුමැතිය

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ (01) දින සම්පූර්ණ කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට වි.ගැ.හි. මිලියන 254ක්, එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 350ක් පමණ වෙනුවෙන් ප්‍රවේශය හිමිවන අතර මේ දක්වා මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ලබා දී ඇති මුළු මූල්‍යාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 1.74ක් දක්වා ඉහළ යනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා විසින් මේ බව නිවේදනය කර සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved