Connect with us

පුවත්

13 න් අපේ ප්‍රශ්න විසඳෙන්නෙ නැහැ – විග්නේෂ්වරන් (වීඩියෝ)

Published

on

13 වන සංශෝධනය ගෙන ඒම යහපත් නමුත් එයින් තමන්ගේ ප්‍රශ්නවලට එය විසඳුමක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

ඒකීය රටක් තුළ සෑම විටම බහුතර සිංහල ජනතාවගේ අදහස් පමණක් ආණ්ඩුවෙන් ඉෂ්ට කරන බව ද ඒ මහතා පැවසීය.

“අපේ දේවල් කරන්න බැරි ඇයි ? මම මහ ඇමති හැටියට ඒවා ඔක්කෝම දැක්කා. කොහොම ද මධ්‍යම ආණ්ඩුව අපිව වැඩකරන්න බැරි තත්ත්වයට අරන් ආවේ කියලා. ඒ නිසා ෆෙඩරල් ක්‍රමයක් ගැන අපි අහනවා. නමුත් 13 වන සංශෝධනයෙන් දැනට තියෙන තත්ත්වය ට ඒක සම්පූර්ණයෙන් ඉෂ්ට කරන එක හොඳයි කියලයි මම කියන්නේ. අනිත් ඒවා ඔක්කෝම මම හොඳට බලාගෙන හිටියා ඒවා හොඳයි එයා කරන්න ඉන්න ඒවා. යනකොට මගෙත් එක්ක කතා කරලයි ජනාධිපතිතුමා ගියේ. පාර්ලිමේන්තුව ඇතුළේ එයාට කිව්වා පොරොන්දු භාගයක් විතර ඉෂ්ට කරලා කියලා තමා පේන්නේ කියලා. ඉඳලා බලමු කිව්වා එයා කොයිතරමට ඒක ඉෂ්ට කරනවා ද ? කියලා. මම ඒවා පිළිගන්නවා. එයාගේ කතාව හොඳයි.”

ප්‍රශ්නය – රජය පොරොන්දු වෙලා ඉවර ද 13 දෙනවා කියලා. ?

“ඒගොල්ලෝ පොරොන්දු වෙච්ච එක ඇත්ත. ඒ පොරොන්දු ඉෂ්ට කරන්න ඉන්නේ කියන එකත් ඇත්ත. ඒත් මැද මොනවා වෙයි ද කියලා අපි දන්නේ නෑ… අද වෙනකල් වෙලා තියන්නේ එහෙම තමා. කොයි ආණ්ඩුවෙන් දෙයක් කරත් විරුද්ධ පක්ෂය ඇවිත් මොනවා හරි කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා 2001 දී චන්ද්‍රිකා මැඩම් ගෙනාව එකට විරුද්ධ වෙලා ව්‍යවස්ථාන ඉරලා ගිනිතිබ්බා පාර්ලිමේන්තුව ඇතුළේ. එක එක්කෙනා ඒකට විරුද්ධව කරනවා අන්තිමේ දී අපිට මුකුත් ලැබෙන්නේ නෑ. නමුත් දැනට දෙනවා කියලා තියෙනවා. අපි ඒක පිළිගන්නවා.”

ප්‍රශ්නය – ගන්නම තමා බලාපොරොත්තුව ?

“ගන්න නෙමෙයි. මේක දෙන්න තියෙන දේවල්.”

ප්‍රශ්නය – රටේ විරෝධයක් තියෙද්දි කොහොම ද ගන්නේ ?

“කාගේ ද විරෝධය”

ප්‍රශ්නය – ස්වාමීන් වහන්සේලාගේ

“රට පාලනය කරන ඔක්කෝමල්ලා ඒගොල්ලන් ද ? නෑ නේ. එක එක්නෙකා එක එක දේවල් කියන්න පුළුවන්. ඊයේ පෙරේදා යාපනයට ඇවිල්ලා 13ට වැඩිපුර කරන්න ඕනේ කියලා තියෙනවා.”

ප්‍රශ්නය – 13 අරන්ම තමා පස්ස බලන්නේ… ?

“අපි ෆෙඩරල් ක්‍රමය අරගෙන තමා පස්ස බලන්නේ…”

වීඩියෝ අනුග්‍රහය – අද දෙරණ

පුවත්

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය ගැන ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Published

on

By

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමේ වගකීම ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්, විද්වතුන් හා මාධ්‍ය සංවිධාන වෙත පැවරෙන බව ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඊට පහසුකම් සැලසීම පමණක් ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

Continue Reading

පුවත්

ශ්‍රී ලංකාව BRICS වලට උනන්දුවක් තියෙනවද? මට නම් දැනෙන්නෙ නැහැ – රුසියානු තානාපති

Published

on

By

BRICS සම්මුතිය සමග එක්වීමට උනන්දුවක් දක්වන්නේ නම් රටක් ලෙස ශ්‍රී ලංකාව ඊට ප්‍රායෝගිකව පියවර ගත යුතු බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් මහතා පවසයි.

කොළඹදී ඊයේ පැවති විශේෂ සමුළුවක ප්‍රශ්නෝත්තර වටයේදී ඔහු මේ බව කියා සිටියේය.

“ජාත්‍යන්තර නීතීය තුළ බලය යෙදවීම රුසියානු කෝණයෙන්” යන විශේෂ සම්මන්ත්‍රණයක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේදී ඊයේ පැවැත්වුණි.

එහිදී  මාධ්‍යවේදීයෙකු විසින් ශ්‍රී ලංකාව BRICS සමග සම්බන්ධ වෙන්නේ කවදාදැයි විමසා සිටියේය.

ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති ලෙවාන් ජගර්යාන් මහතා – “මේ ප්‍රශ්නය මගෙන් කිහිප සැරයක්ම අහලා තියෙනවා.මම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ 01 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවෙන්න ගියා රුසියානු ජනාධිපතිතුමාගේ ආරාධනා පත්‍රයකුත් අරගෙන BRICS සමුළුවට සහභාගී වෙන්න කියලා. මම භාෂා පරිවර්තක සමඟ තමයි කතා කළේ. මම දන්නේ නෑ එයා හරියට පරිවර්තනය කළාද කියලා.ජනාධිපතිවරයා මට කිව්වා මහ මැතිවරණය පැවැත්වෙන නිසා ඔහුට රුසියාවට එන්න වෙන්නේ නැහැ කියලා. BRICS සමඟ සම්බන්ධ වෙනවා නම් රුසියාවෙන් විතරක් නෙවෙයි සාමාජික රටවල් සියලුදෙනාගේ සම්මුතියක් තියෙන්න ඕනේ සහ ඒකට පියවර ගණනාවක් තියෙනවා.”

“රුසියාව,චීනය ශ්‍රී ලංකාවට සහයෝගය දෙනවා නමුත් ඒක කරන්න ඉතින් ඔබගේ පැත්තෙනුත් උනන්දුවක් තියෙන්නේ ඕනේ.එහෙම උනන්දුවක් තියෙනවාද? මට නම් දැනෙන්නේ නැහැ.කරුණාකරලා ප්‍රායෝගික පියවර ටිකක් ගන්න. තව දෙයක් ෂැංහයි සහයෝගිතා සංවිධානය ගැනත් ටිකක් අවධානය දෙන්න කියලා ඔබේ රටට කියනවා.”

මාධ්‍යවේදියා – වසර 3ක පමණ සිට යුක්‍රේනයේ කලාප කිහිපයක රුසියාව සිය අණසක පැතිරවූවා. ඒ කලාපවල අනාගතය කුමක්ද?

“ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති – රුසියානු ව්‍යවස්ථාවට අනුව ඩොනෙස්ක්,ලොහාන්ස්ක්,කර්ෂෝන් සහ සපොරෂියා කලාපය අයිති වෙන්නේ රුසියාවට. යුක්‍රේන හමුදාව සමහර තැන්වල ඉන්නවා ඒ අය ඉවත්විය යුතුයි. ඒ කලාප පිළිබඳ අපි සාකච්ඡා කරන්නේ නැහැ, විශේෂයෙන් ඒවා යළි ලබාදීම පිළිබඳව සාකච්ඡා කරන්නේ නැහැ.”

මූලාශ්‍රය  – අද දෙරණ

Continue Reading

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved