Connect with us

පුවත්

උතුරට බලෙන් ඉන්දීය ට්‍රෝලර් ඒමට එරෙහිව නාගා නඩු දායි! (වීඩියෝ)

Published

on

ඉන්දීය ධීවරයන් විසින් ශ්‍රී ලංකාවේ උතුරුකර මුහුදේ අනවසරයෙන් බොටම් ට්‍රෝලින් (Bottom Trawling) ක්‍රමයට ධීවර කර්මාන්තයේ යෙදීමට එරෙහිව නීති ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළ බව නාගානන්ද කොඩිතුවක්කු මහතා පවසයි.

ධීවර ප්‍රජාවගේ ඉල්ලීම මත සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව පසුගිය 17දා අධිකරණය හමුවේ නඩුවක් පැවරූ බව ඔහු ෆේස්බුක් ලයිව් වීඩියෝවක් පළකරමින් ඔහු පවසයි.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සමුද්‍ර ජලතීරය වෙන් කරගැනීම සඳහා 1976 මාර්තු 23දා දෙරට ගිවිසුමකට පිවිසි බවත්, එම එකඟත්වයට අනුව දෙරට මුහුදු සීමා වල ජීවී හා අජීවි සම්පත් එම අදාල රටවලට අයත් බවත් ඔහු පෙන්වා දෙයි.

ඉන්දියාව විසින් කිසිඳු හේතුවකට මෙරට සමුද්‍ර ජලතීරයේ හා එරටට ආවේනික සමුද්‍ර ආර්ථික කලාපයේ ධීවර කටයුතු වල නිරත නොවිය යුතු බවත්, එසේම ශ්‍රී ලංකාවද ඉන්දීය සමුද්‍ර ජලතීරයේ ධීවර කටයුතු වල නිරත නොවිය යුතු බවත් මෙලෙස දෙරට විසින් එකඟත්වයට එළැඹ ඇති බව ඔහු පෙන්වා දෙයි.

මේ අතර, පාර්ලිමේන්තුව විසින් සම්මත කරගෙන ඇති 2018 අංක 1 දරණ (විදේශීය ධීවර බෝට්ටු විධිමත් කිරීමේ). (සංශෝධන) පනත යටතේ ශ්‍රී ලංකා ජලතීරයේ නීතිවිරෝධී ධීවර කර්මාන්තයේ නිරත වීම මහේස්ත්‍රාත් අධිකරණයක් හමුවේ නඩු පැවරිය හැකි බවත්, මහේස්ත්‍රාත්වරයාට මෙම යාත්‍රාවකට රු. මිලියන 7.5ක් දක්වා දඩ මුදලක් නියම කළ හැකි බවත් ඔහු පවසයි.

“LTTE කාලයේ මේක වුනේ නෑ” ; වාර්ෂික පාඩුව ඩොලර් මිලියන 850කට වැඩියි!


මුහුදු පත්ලේ සිට සියලු සාගර සම්පත් සූරාකන බොටම් ට්‍රෝලින් ක්‍රමවේදය ලංකාවේ නීතිය ප්‍රාකාරව සපුරා තහනම් බවද ඔහු පවසයි.

“LTTE කාලයේ මේක වුනේ නෑ. ප්‍රභාකරන් ඒක පාලනය කලා. දැන් ශ්‍රී ලංකාවේ මේ මොහොතේ රජයක් නැහැ,” යැයි ඔහු කියා සිටියි. පාර්ලිමේන්තුවේ සිටින එක මන්ත්‍රීවරයෙකුවත් උතුරුකරයේ තිබෙන මෙවැනි ප්‍රශ්ණ එකකටවත් මැදිහත් නොවන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

තමිල්නාඩුවේ බොටම් ට්‍රෝලින් යාත්‍රා 5,000ක් තිබෙන බවත්, සෑමදාම රෑ වන විට ශ්‍රී ලංකාවේ ජල තීරයට පැමිණෙන මෙම යාත්‍රා පාන්දර වන විට ඉන්දියාවට යළි යන බව ඔහු පවසයි.

මේ හේතුවෙන් සිදුවන වාර්ෂික පාඩුව ඩොලර් මිලියන 850ක් – 900ක් බවට අධ්‍යයන වාර්තා වලින් හෙළි වී ඇති බවත්, ධීවර පවුල් ලක්ෂ 3කට වඩා ප්‍රමාණයක් මේ නිසා අනාථ වී ඇති බවද ඔහු පෙන්වා දෙයි.

පෙත්සම්කරුවන්ට තර්ජන
ඉහත සඳහන් නඩුකරයට යාපනයේ පෙත්සම්කරුවන් තිදෙනෙකු මුලින් ඉදිරිපත් වී තිබුණද, ඔවුන්ට එල්ල වූ බරපතල තර්ජන හමුවේ ඉන් දෙදෙනෙකු ඉවත්වී ඇතැයිද කොඩිතුවක්කු මහතා පවසයි.

වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටින උතුරේ දේශපාලඥයන් ඉන්දියාවට එරෙහිව හඬ නොනගන බවද ඔහු මෙහිදී කියයි.

ඉන්දියාවේ තහනම් නෑ

මේ අතර, මෙම බොටම් ට්‍රෝලින් ක්‍රමවේදය ඉන්දියාවේ තහනම් නොවන බවද එරට බලධාරීන් පවසයි.

මේ බව හෙළිදරව් වූයේ ශ්‍රී ලංකාවෙන් හා සේෂෙල්ස් දූපත් වලින් මාධ්‍යවේදීන් පිරිසක් පසුගියදා ඉන්දියාවේ සංචාරක නිරතව සිටියදීය. එම සංචාරයේ කොටසක් ලෙස ඔවුන් හයිද්‍රාබාද් හි පිහිටි එරට ජාතික ධීවර සංවර්ධන මණ්ඩලයට ගොස් අවස්ථාවේදී එහි විධායක අධ්‍යක්ෂකවරයා (තාක්ෂණික) වන විජේකුමාර් සී යාරාගල් මහතා පැවසුවේ බොටම් ට්‍රෝලින් ක්‍රමවේදය ඉන්දියාවේ තහනම් නොවුනද, එය සුදුසු ක්‍රමවේදයක් ලෙසට සිය ආයතනය විසින් නිර්දේශ නොකරන බවයි.

බොටම් ට්‍රෝලින් තහනම් කිරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇත්තේ ඉතා යහපත් පියවරක් බවද ඔහු පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එම මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරිනිය වන ආචාර්ය සී. සුවර්ණා මහත්මිය පැවසුවේ මෙම ක්‍රමවේදය ඉන්දියාවේ නීති විරෝධී නොවන නමුත්, එය දිගින් දිගටම අනුගමනය කිරීමට එරෙහිව ධීවරයන්ව ධෛර්යමත් කිරීමට සිය ආයතනය උත්සහ ගනිමින් සිටින බවයි. වඩාත් යහපත් ධීවර පිළිවෙත් අනුගමනය කිරීමට ජාත්‍යන්තර බලපෑම් ද පවතින බවත් ඇය පැවසුවාය.

පුවත්

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට සිට

Published

on

By

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට (03)  ආරම්භ කිරීමට නියමිතය.

ඒ සඳහා පසුගිය අයවැයෙන් රුපියල් බිලියන 06ක් වෙන් කර තිබේ.

වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළේ, අම්පාර මුලතිව් හා මඩකලපුව දිස්ත්‍රික්කවල වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති බවය.

වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ,
නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කටත්,
සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත්
කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 132කටත්
 මිලදී ගන්නා බවය.

Continue Reading

පුවත්

සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමට නව නීති

Published

on

By

සංවිධානාත්මක අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා, නව නීති හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය  ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු සඳහන් කළේ,  ත්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමට රජය මේ වනවිට ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ ඇති බවය.

අත්අඩංගුවට පත්වන සංවිධානාත්මක අපරාධකරුවන් දැනට රඳවා තබා ගෙන, ප්‍රශ්න කෙරෙන්නේ ත්‍රස්ත මර්දන පනතේ ප්‍රතිපාදන වලට යටත්ව බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එම පනත අහෝසි කිරීමත් සමග සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා තබා ප්‍රශ්න කිරීමට නව නීති ප්‍රතිපාදන අවශ්‍ය බව අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලදී.

ඒ අනුව අදාළ නව පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මේ වනවිට කෙටුම්පත් කරමින් පවතින බව, අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ ය.

Continue Reading

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved